Friday, August 3, 2018

දිනකට දොඩම් ගෙඩියක් ආහාරයට ගෙන නිරෝගී වෙන්නේ මෙහෙමයි

.


                            දිනපතා දොඩම් ගෙඩියක් බැගින් ආහාරයට ගැනීමෙන් අන්ධබාවයට පත්වීමේ සම්භාවිතාව 60% අවම කර ගැනීමෙ හැකියාවක් පවතින බව පර්යේෂණයකින් හෙළිවී තිබේ . සාමාන්‍යයෙන් වියපත් වීමත් සමග ඊට සාපේක්ෂව ඇස් පෙනීමේ දුරුවලතා  මතුවීම ස්වාභාවිකය .එහෙත් දිනපතා දොඩම් ගෙඩියක් බැගින් ආහාරයට ගැනීමෙන් එම දුර්වලතාවය මගහරවා ගැනීමට හැකිවන බව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සරසවියේ මහාචාර්‍ය "බැමිණි ගොබිනාද් " මහතා විසින් සිදු කල පර්යේෂණයකින් අනාවරණය වී තිබේ . 
                                දොඩම්වල අන්තර්ගතවන ඔක්සිකරකයක් වන " ෆ්ලෙවනොයිඩ් " හේතුවෙන් මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රසාරණය වීමට ඉවහල් වන අතර එමගින් අක්ෂි ආබාධයන්ද වලක්වා ගැනීමට හැකිවන බව මෙම පර්යේෂණය හරහා අනාවරණය කරගෙන තිබේ .
              පැගිරි කුලයට අයත් ශාකයක් වන දොඩම් අප රටේ මෙන්ම ඉන්දියාව සහ මලයාසියාව වැනි රටවලහොදින් වැවෙන අතර මෙම ශාකයේ සම්භවය සිදුවීඇත්තේ චීනයේයබාලතරුණමහලු සෑමදෙනම ප්‍රිය කරන පිපාසය සංසිදුවන රසවත් පානයක් වන මෙය බොහෝ ඖෂධීය වටිනාකමක් ඇති පලතුරකි.

                  දොඩම් යුෂ පානය කිරීමෙන් ලැබෙන තවත් ගුණ 

  •     විටමින්  A බහුල නිසා එමගින් ඇස් පෙනීම වැඩි දියුණු කරයි.          විටමින්  E මගින් සම පැහැපත් කරයි. එමෙන්ම ,
  •         හෘද ස්පන්දන වේගය පාලනයකරයි.
  •         පෙනහළු හා මුඛ පිළිකාඅවදානම අවම කරයි.
  •         රුධිර පීඩනය අවම කරයි.
  •         සන්ධි ආශ්‍රිත රෝගාබාධ වලට ගුණ දායකය.
  •         සිරුරේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහල නංවයි.
  •         සිරුරේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි.
  •         ගර්භාෂගත රෝගී තත්ත්වයන් මැඩ පවත්වයි.
  •         රුධිරගත ආබාධ මැඩ පවත්වයි.
  •         හදවත් රෝග වැලදීමේ අවදානම අවම කරයි.
  •         නිරක්තිය දුරු කරයි
  •         විදුරුමස් ආශ්‍රිත ලේ ගැලීම් පාලනය කරවයි.
  •         ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කරයි.
  •         මල බද්ධය දුරු කරයි.
  •         පීනස් රෝගයට ගුණදායකය.
  •         තුවාල සුව කිරීමේ හැකියාව ඇත.

Tuesday, July 24, 2018

ස්මාර්ට් ෆෝන් කිරණ ඔබේ මතක ශක්තික හීන කරන හැටි මෙන්න ...





                           
                                      තරුණ පරම්පරවට නැතුවම බැරි දෙයක් ලෙස ස්මාර්ට් ෆෝන් අද කා අතරත් ජනප්‍රියයි . මෑතකදී ස්විස්ටර්ලන්ත පර්යේෂණ කන්ඩායමක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය  වුයේ වැඩි වශයෙන් ස්මාර්ට් ෆෝන් භාවිතය මගින් තරුණ තරුණියන්ගේ මතක ශක්තිය හීන වීමේ අවධානමක් පවතින බවයි .
බොහෝ තරුණ තරුණියන් තම ජංගම දුරකථනය භාවිත කිරීමේදී දකුණු කන වැඩි වශයෙන් භාවිතා  කරනු ලබන අතර ජංගම දුරකථනය හරහා නිකුත් වන කිරණ මගින් මොලයේ දකුණු ප්‍රදේශයට හානි ගෙනදෙන බවට  ස්විස්ටර්ලන්ත් පර්යේෂකයන් විසින් අනාවරණය කර ගන්නා ලදී . මිට අමතරව ජංගම දුරකථන මගින් කෙටි පණිවිඩ යැවීම , අන්තර්ජාලයේ සැරිසැරීම , දුරකථන වීඩියෝ ක්‍රීඩාවල  නිතර යෙදීම  හේතුවෙන්   තරුණ ජීවිතවලට සිදුවන බලපෑම සුලුපටු නොවේ .
                       මෙම පර්යේෂණය පිලිබදව වැඩිදුරටත් තොරතුරු සදහන් කරන ලද මෙම පිරිස  ප්‍රකාශ කර තිබුනේ  , ජංගම දුරකථන මගින් නිකුත් කරනු ලබන චුම්බක ක්ෂේත්‍ර කිරණ යොදාගනිමින් විද්‍යාගාරයේදී මියන් යොදා ගනිමින් සිදුකරන ලද මෙම  පර්යේෂණයෙදී  එම මියන්ගේ  මෝළයේ  අවට සෙල වලින් 80% පමණ හානි වී තිබු බවයි. දෙනිකව දුරකථන මගින් වි නිකුත් වන විද්‍යුත් චුම්බක ක්ශේත්‍ර කිරණ වලට නිරාවරණය වීමෙන් මිනිස් මොලයේ සෙල වලටද   සිදුවන හානිය මෙයින් ගණනය කල හැකි බවයි . 
                     ලෝකයේ තාක්ෂනය දිනෙන් දින දියුණු වන්නේ පුද්ගලයාගේ ජිවිතයේ දෙනික ක්‍රියාවන් තව දුරටත් පහසු කිරීම අරමුණු කරගෙනය .එහෙත් ඕනෑම දෙයක් පමණට වැඩ භාවිතය යකපත් නොවන බව වටහාගෙන තාක්ෂණයද භාවිතයේදී යම් සීමාවකට අනුව සිදු කිරීම  පුද්ගලයාට නිරන්තර යහපතම උදා කරනු ලබන බව  අප තරයේ මතකයට ගෙන කටියුතු කිරීම වැදගත් වේ . 

.

Saturday, July 14, 2018

ඔබේ දිනපොත ලියන ෆේස්බුක්


ෆෙස්බුක් සමාජ වෙබ් අඩවිය නිර්මාණය වනේන් සන්නිවේදන තාක්ෂණයේ ඉහල මට්ටමේ ජයග‍්‍රහණයක් ලෙසිනි .   අන්තර්ජාල සංස්කෘතිය තුළ නව්‍ය උප සංස්කෘතයික් ලෙස වර්ධනය වන ෆෙස්බුක් වෙබ් අඩවිය මානව ජීවිතවල හැඩය තීරණය කරමින් පුද්ගල මනෝභාවයන් කෙරෙහි තීරණාත්මක බලපෑමක් කළ හැකි සාධකයක් බවට පත්වේ. එය එක්තරා අතකින් සමාජයීය සංසිද්ධි ගණනාවක මැදිහත්කරුවා වන අතර තවත් අතකින් ඒවායේ අවිඥානික පාලකයා ලෙස ද පෙනී සිටියි.  ෆෙස්බුක් වෙබ් අඩවිය සමාජගත වන්නේ මිතුරන් අතර සබඳතා ගොඩනඟා ගත හැකි වෙබ් අඩවියක් ලෙසය. එනම් පරිගණක ඇතුළු විද්‍යුත් උපාංග භාවිත කරමින් දුරස්ථව සිටින පුද්ගලයින්    දෙදෙනෙකු හෝ වැඩි පිරිසක් අතර අන්තර්ජාලය ඔස්සේ තොරතුරු හුවමාරු කරගත හැකි මාධ්‍යයක් ලෙස ෆෙස්බුක් වෙබ් අඩවියේ මූලික        ආකෘතිය නිර්මාණය කර තිබේ.
                 එහි දී පණිවිඩ හුවමාරු කර ගැනීමේ සිට ඡයාරූප හුවමාරු කරගැනීම හා සංවාද පැවැත්වීම ඇතුළු පහසුකම් ගණනාවක් ෆෙස්බුක් වෙබ් අඩවියෙන් සැපයේ. අන්තර්ජාලය තුළ ෆෙස්බුක් වෙබ් අඩවිය කිසිසේත් තවත් එක් වෙබ් අඩවියක් බවට පමණක් පත් නොවන්නේ මානව සමාජයේ මෙම නිදහස් චින්තනයට එයින් ලබාදුන් තාක්ෂණික දායකත්වය නිසාය. එනම් අන්තර්පුද්ගල සම්බන්ධතාවනේ ග් සිට රාජ්‍යයක් පාලනය කිරීම හා හැසිරවීම තෙක්ම ෆෙස්බුක්හි දායකත්වය වර්තමානය තුළ  හදුනා ගත හැක 
                                               ඒ අනුව විවිධ දේශපාලන ව්‍යාපාර සඳහා මෙන්ම සමාජ ව්‍යාපාර සඳහා ද ෆෙස්බුක් පහසුකම් සපයයි. එහි දී තම පුද්ගලික දේශපාලන ප‍්‍රතිරූපය වර්ධනය කර ගැනීම සඳහා මෙන්ම යම්කිසි දේශපාලනික අරමණුක් සහිතව ක්‍‍්‍රියාත්මක වන කණ්ඩායමක සිට රටක රාජ්‍ය බලය මෙහෙයවන ආණ්ඩුවක මතවාදය සමාජය තුළ ප‍්‍රවර්ධනය කිරීම තෙක ්ෆෙස්බුක් ඉතා සංවිධානාත්මකව මෙහෙයවීම දැකිය හැකිවේ.   ඒ ඔස්සේ පුද්ගලික ප‍්‍රවර්ධන පිටු හා පුද්ගලික ගිණුම්  තුළ ඡුායාරූප, වීඩියෝ දර්ශන හා අදහස් පළකිරීම ඔස්සේ සිදුකරන මතවාද හැඩගැස්වීම එක්තරා ජනප‍්‍රිය විලාසිතාවක් ලෙස ද ඉස්මතු වෙමින් තිබේ.    
                                      නව ෆෙස්බුක් සංස්කෘතිය කලා නිර්මාණ සමාජගත කිරීම සඳහා ද අසීමිත අවස්ථා සලසා දී තිබේ. එනම් ෆෙස්බුක් බිහිවීමට පෙර කලා නිර්මාණයක් ජනතාව අතරට ගෙනයෑම සඳහා පැවති බාධක සියල්ලක්ම පාහේ මෙම අන්තර්ජාල අවකාශය තුළ ඉවත් වී තිබේ.  මේ අනුව බලන කල ආර්ථික, දේශපාලනික ,සමාජීය , ආදී වශයෙන් විවිධ ක්ෂේත්‍රයන් තුල පුද්ගලයාට කිසිදු බාහිර බලපෑමකින් තොරව  ඉස්මතු විමේ හැකියාව ෆේස්බුක් මගින් විවර කර දී තිබේ  .  ඉහත දැක්වන ලද පරිදි  පුද්ගල හැකියාවන්  සදහා ෆෙස්බුකිය වේදිකාවක් කර ගත හැක . එසේ වරම් ලත්  පිරිසද  අපමණය . මේසා  විශාල වපසරියක පැතිර පවතින  මෙම මාධ්‍ය තුලින් වර්තමානයේ නිසි පල නෙලා ගන්නේ අතලොස්සකි  .  නිර්මාණාත්මක කලා කෘතියක්  ෆේස්බුක් හරහා මුදා හැර තම ප්‍රතිරූපයට නව අරුතක් ගොඩනගාගැනීමට උත්සුක වනවාට   වඩා   තරු පහේ හෝටලයක ආහාර වේලක් බුක්ති විදීමේ ජායාරුපයක් බුකිය තුල දමා  එයට වැටෙන ලයික් ප්‍රමාණය මත  තමන්ගේ ප්‍රතිරුපය මනාව ගොඩනංවනු ලබන බව බොහෝදෙනගේ සිත්හි රැදී කාරණාවකි .එහෙත්  තමන් තුළ මවා පෙන්වන තරමේ ජනප‍්‍රියත්වයක් සැබෑ සමාජය තුළ අදාළ පුද්ගලයාට හිමි වී තිබේ ද යන්න සැබවින්ම ප‍්‍රශ්න සහගතය.  පුද්ගල දින පොතක් සහ ෆෙස්බුකිය අතර වර්තමානය වනවිට එතරම් වෙනසක් දක්නට  නොලැබෙන්නේද මෙවැනි තත්වයක් නිසාවෙන්ම වන  බවනම් පැහැදිලිය .
                                             
                                         පුද්ගල  ප්‍රතිරූපය ගොඩනංවාලීමට යැයි ගොස් ෆේස්බුක් තුලින්ම තම ප්‍රතිරූපය විනාශයට ලං කරගනු ලබන චරිතයන්ද නැතුවාම නොවේ.  විශේෂයෙන් දුක ,සතුට, වේදනාව, ආදිවූ මේ සියලු පුද්ගල මනෝභාවයන් එකට කැටි කොට ගනිමින් ගෙවෙන මේ මනුෂ්‍ය ජිවිතයේ ජිවන කතාන්රදය ලියන  දිනපොත බවට අදවන විට ෆේස්බුක් පත්ව අවසානය .මේ කුමන කාරනාවක් තුලින් වුවද අප තරයේ සිත්හි තබා ගතයුතු සත්‍යයක්  ඇත . පොද්ගලිකත්වය  නම් පොද්ගලිකත්වයයි එය ඔබ තුලම පමණක් තබාගත යුතුය . සිතට දැනෙන සියල්ල බුකිය තුල දැමීමෙන් ඔබ ඔබේම විනාශය ඔබ වෙතට කැදවාගෙන එනු ඈත එය සිදුවන්නේද ඔබටවත් නොදැනීම වීම නම්  ශෝකයට කරුණකි   
                                                    
                              

Friday, July 13, 2018

ඇහැරෙන්න












නවතපු තැනින් අරභන්න 
දිගු ගමනක් තව යන්න 
වරම් තිබුනා ඇහැරෙන්න 
සංසාර සිහිනෙන් ...

සංසාරය පුදුමයි
බැදීම් බැදගන්න
දුවනවා අරමුණක් පස්සේ 
හැගුම් දහසක් අස්සේ ...

එත් අපිට දෙයක් අමතක වෙලා 
ඒ ජිවත් වෙන්න ...


Tuesday, July 10, 2018

ඔබ නැතුව ඔබ එක්ක






ඔබ නැතුව ඔබ එක්ක 
සිටිය හැකි සැමදාම 
ඉතින් කුමකටද මට 
ඔබෙන් අවසර ඒයට ...                   

රොබරෝසිය මල් පිරුණු 
මාවතේ ඇවිදින්න 
පෙම් වදන් පබදන්න    
 ඔබ නැතුව ඔබ එක්ක 
සිටියහැකි  සැමදාම ..

හිමිවීම ආදරයේ
සියලු දේ කියන කල ,
අහිම් බව දන දැනම
පෙම් කලෙමි ඔබේ සිතට 

ඔබ නැතුව ඔබ එක්ක
පෙම් වදන් පබදමින් 
සිටිය හැකි ඔබේ තුරුලේ 
ඔබේ  අවසර නැතිව ...  

Monday, July 9, 2018

ගීයක අරුත සොයා ...



මි පැණි රහසක්

මීපැණි රහසක්
ගැලුවා සුකිරි කන්දෙන්                    
සිතල පහසක්
දැනුනා සිතල නින්දෙන්
කොපුල දෑල හාදු ගලායා
කුමරි ලගින් සුවද සලායා

සුසුම් කිමැයි මෙතරම් උණුසුම්
කසුන් කියබු සසෙලෙයි මිහිරෙන්
බියෙන් සැකෙන් උන්නොත් දුරකින්
සැනසුම යයි කන්දෙන් පල්ලම්

මනාලියේ ලජ්ජානම්
දෑස වස ගනු මැන දෝතින්
රාතී‍්‍රය ගෙවිලා යයි විගසින්
දුන මැන ඉල්ලන රස මධු පැන්
  
 

     ගායනය- කිත්සිරි ජයසේකර
     සංගීතය- සිරිල් පෙරේරා
     පද රචනය- සුනිල් විමලවීර
  
  ගීතය , යනු විශ්වීය සාහිත්‍යකි.භාෂාව බාධාවක් නොවන තරමටම ගීතයේ මනස සන්තර්පණය කරන ප‍්‍රබල විශ්වීය ගුණාංගයක් ගැබ්ව පවතී. පුද්ගලයා කුමන මනොභාවයක සිටියත් එකී මනෝභාවයෙන් මනස මුදා වෙනත් භාවයක  දැහැන් ගත කිරිමට තරම් ගිතයක ඈත්තේ ප‍්‍රබල ශක්තියකි.
                       විශ්වීය ගීත කලාව කෙසේ වෙතත් භාෂා අතුරින් සිංහල භාෂාව වූ කලි ඉතා සියුම්ව සිතැගි විදාරණය කල හැකි ජිවී භාෂාවක් යැයි පෙන්වාදිය හැක.එහෙයින් සිංහල ගීත නිතැතින්ම සුහද මනස උත්තුංග මනෝභාවයන්ට ඉතා සියුම්ලෙස සමීප කරවයි. එහෙත් සුභාවිත ගීතය වූ කලී සංගීතයෙන් නැතහොත් ශබ්ද රසයෙන් පමණක් සෑහීමකට පත් නොවේ. එය අර්ථ රසයෙන් ද පරිපූර්ණ වීම අත්‍යවශ්‍යවේ. එබදු ගීතයක් අර්තථාන්විත සුභාවිත ගීතයක් සේ පෙන්වා දිය හැක. සිංහල ගීත කලාව තුල එවැනි සුභාවිත ගීත බෝහොමයක් දැක ගත හැක.  
                      ඒ අතුරින්  කිත්සිරි ජයසේකර මහතා විසින් ගායනා කරන සිරිල් පෙරේරා මහතා විසින් සංගීතවත් කරන  ලද සුනිල් විමලවීර මහතා විසින් පද රචනය කරන ලද ” මී පැණි රහසක් ”  ගීතය පුර්වෝක්ත සුභාවිත ගීත අතුරින් එකක් ලෙස පෙන්වා දිය හැක. එහෙත් පේ‍්‍රමය හා විරහව සුලභව දැකිය හැකි ගීත සමුදායක් අතුරින් මෙම ගිතය වෙනස් කොට දැක්විය හැකි ගීතයකි. මන්දයත් බොහෝ ගීත පුද්ගල මනස විරහවට සමීප කරවීමට උත්සහ ගනිද්දී මෙම ගීතය මනුෂ්‍යාගේ ඇති ශෘංගාර රසය උද්දීපනය කරවීමට උත්සහ ගනී. ශෘංගාරය වූ කලි බොහෝ ගීත කියා පෑමට උත්සහ දරන එහෙත් අවසන  ඕලාරික හැගීම් පමණක් ඉතිරිවිය හැකි සුන්දර ලෙස පිවිතුරු ලෙස කියාපෑමට අපහසු මනොභාවයකි. බොහෝ ගිත රචකයන් අසමත් වන්නේ ද  ශෘංගාර රසය ගීත තුලින් කියා පෑමට උත්සාහ නොගන්නේද එහෙයිනි.සැමට පොදු  විරහව තුලින් පුද්ගල මනස සනුකම්පාවට පත් කරන්න උත්සහ ගන්නේද එහෙයිනි.ඒ අනුව මෙම ගීතය වෙනස් වන අතරම උද්දීපනය කිරීමට උත්සහ ගන්නා මනෝභාවය ඉතා සුන්දර ලෙස කියා පෑමට සමත් වේ. 
                              බොහෝ දෙනෙකුට සුලභ අද්දැකීමක් රචකයා මෙහිදී සිය ගීතයේ වස්තු විෂය කර ගනී. ස්වකීය ජිවිතයේ ප‍්‍රථම වරට ශෘංගාර  රසය අත්විදින කුලූ‍දුල් අවස්ථාව විවාහ වූ දෙපලකගේ පළමු එක්වීමයි.මෙතෙක් තනිකඩව ගෙවා දැමු ජීවිතය අවසන් කරමින් ආරම්භ කරන විවාහ දිවියේ පළමු  හමුවීම මධු සමයයි. එහෙයින් ගීත රචකයා ශෘංගාර රසය මතු කිරීමට ඉතාම උචිත අවස්ථාව ස්වකිය ගීතයේ වස්තු විෂය කර ගනී.



 මීපැණි රහසක්
ගැලුවා සුකිරි කන්දෙන්
සිතල පහසක්
දැනුනා සිතල නින්දෙන්
කොපුල දෑල හාදු ගලායා
කුමරි ලගින් සුවද සලායා

රචකයා එම ගීතය ආරම්භ කරන්නේ ජිවිතයේ එම මොහොතේ ඇති මිහිරියාව,රසබර ස්වභාවය තියුණුබව කියාපෑමට ගත හැකි ඉගි කිහිපයක් ද සමගිනි. මෙම ඔවුන් නොවුන්ගේ ජිවිතයේ පළමු රාත‍්‍රියයි. එහෙත් එතරම් මිහිරි රාත‍්‍රීය වුවද එය ඔවුන් අතර පවත්නා රහසකි. එකී හැගීම්, එකී මොහොත රහසක්ව පැවතීමද රහසකි,මිහිරියාවකි.විවාහ දිවියට පත වීමට ප‍්‍රථම ඔවුන් තුල ගොඩ නැගී සිතැගි සියල්ල මුදාහලහැකි එම මොහොත ඔවුන්ගේ ජිවිතයේ ශෘංගාර රසයේ උත්කෘශ්ටම මොහොත ද විය හැක. එම මොහොතට එතරම්  මිහිරි බවක් එක කිරීමට රචකයා උත්සහ කරන්නේද එහෙයිනි.
                       "මීපැණි සහ සුකිරි”  යනු ඉතා රසවත් දේය. රසට රසක් එක්වන මොහොතක් ඉතා රසවත් ලෙස දැක්වීමට රචකයා සමත් වි තිබේ. ඔවුන් තුල ඇති හැගීම් සමග මෝදු වන්නේ බියකි. එහෙත් එම බිය හිංසාකාරී නොවෙයි.එම බිය තුල ගැබ්ව ඇත්තේ කුලූ‍දුල් බවයි. විවහ දිවියට පත් වන තරුණ යුවලකග්ගේ සියලූ‍ අපේක්ෂාවන් එම මොහොත තුල ගැබ්ව පවතී ශෘංගාරය සමගම බියක් මතුව එන්නේ එම මොහොතේ ස්වභාවය නිසාවෙනි. සිතල පහසක් යනුවෙන් රචකයා කියා පෑමට උත්සහ ගෙන ඇත්තේ එවැන්නකි. කම්මුල් පුරා ගල යන හාදු ඔවුන් තුල ඈති අසීමිත ශෘංගාරය , නොඉවසිලිවන්ත බව  මනාවට කියාපායි. ඔවුන්ගේ ලිංගික එක්වීමට පෙර පුරුෂයා තුලින් මෝදු වන හැගීමි මෙහිදී මතුකර තිබේ . ඔහු ඇයව තවමත් කුමාරිකාවක්  ලෙස දක්වන්නේ ඒනිසාවෙනි. ලිංගික එක්වීමට පෙර ඇය තුල පවත්නා නොයිදුල් ස්වභාවය ඉන් මතුකර දක්වයි.

 සුසුම් කිමැයි මෙතරම් උණුසුම්
කසුන් කියබු සසෙලෙයි මිහිරෙන්
බියෙන් සැකෙන් උන්නොත් දුරකින්
සැනසුම යයි කන්දෙන් පල්ලම්

                                        ඇයගේ උණුසුම් සුසුම් වල පහස ඔහුට තදින්ම දැනේ. ඔවුන් දෙදෙනා අතර තිබෙන සමීප බව මෙන්ම එම මොහොතේ දෙදෙනාගේ හැගීම්වල ඇති උණුසුම්භාවය  ඔවුනොවුන්ට දැනේ තරුණියකගේ ආකර්ෂණය, විරුද්ධ ලිංගික  ආකර්ෂණය වැඩි කරන කියබු රොද ඔවුන්ගේ මිහිරියාවෙන් චංචල වන බවක් කියාපැමෙන් එම අවස්ථාවේ ගැබ්ව පවතින ශෘංගාරත්වය උද්දීපනය කිරීමට රචකයා උත්සහ ගනී. මෙය විවවහයට පත්වන  ඕනෑම තරුණ යුවලකට මුහුණ පෑමට සිදුවන සිදුවීමකි. ඒ අවස්ථාවට බිය සැක සංකා  අනිසි බවත්, දුරස්ථ බව සිය සැනසුම නැති කරන හෙයින් තව තවත් තමාට සමීප වන ලෙසත් ඔහු ඇරයුම් කරයි. එමෙන්ම ඔහුගේ සැනසුම කන්දක මුදුන ලෙස  ව්‍යංගයෙන් ප‍්‍රකාශ කරනුයේ ශෘංගාරයේ උච්චතම අවස්ථාව යයි හැගෙන අතර එයින් තමාව මුදා නොගෙන තමා වෙතට සමීප වන ලෙස  කරන ඉල්ලීමක් ලෙසද අපට සිතිය හැක.

මනාලියේ ලජ්ජානම්
දෑස වස ගනු මැන දෝතින්
රාතී‍්‍රය ගෙවිලා යයි විගසින්
දුන මැන ඉල්ලන රස මධු පැන්
ඇයට තවමත් මේ මොහොත නුහුරුය. නුපුරුදුය. සිය කුලූ‍දුල් එක්වීමකදී තරුණියක් තුල හට ගන්නා අසීමිත ලැජ්ජාව මුසු හැගීම ඇයටද  දැනෙන බව මනාලයා තේරුම් ගනී. ඇය තුල තවමත් ඇත්තේ එවැන්නකි. මේ මොහොත කෙතරම් පේ‍්‍රමනිය වුවද ඇය තවමත් ලජ්ජා වන්නිය. ඇයට ලජ්ජා සිතේ නම් දෑස දෝතින් වස ගනු ලෙස ඔහු පවසයි. කෙසේ හෝ ඇය තුල  ඇති  ලජ්ජා සහගත බව මුදාලීමට ඔහුට අවැසිය. මේ ඔවුන්ගේ ජිවිතයේ ප‍්‍රථම එක්වීම බව සැබැය. එහෙත් එය ජීවීතයේ ද එකම එක ප‍්‍රථම එක්වීමයි . ඔවුන්ගේ දිවියට පැමිණෙන්නේ එකම එක මධු සමයකිග මධු සමය ගත කරන රාත‍්‍රිය ඔවුන්ගේ ජිවිතයේ අවසානය තෙක්ම මතකයේ රැුදෙන පළමු රාත‍්‍රියයි. එහෙයින් තරුණයාට එම රාත‍්‍රිය සුන්දරව ගත කිරීමට ඇත්තේ නොඉවසිලිමත් කමකි. ඔහුට හැගෙන්නේ ඒ සුන්දර රාත‍්‍රිය විගසින් නිමාවට පත්වන බවයි. ඇය තුල පවත්නා එම ලැජ්ජාව, රාත‍්‍රිය තව තවත් කෙටි කරන බවක් ඔහුට හැගේ. ඔහු තුල පවත්නා ශෘංගාර හැගිම්ද වර්ධනය වෙමින් පවතී මනාලියගේ පවත්නා ලැජ්ජාව කෙසේ හෝ සගවා ගන්නා ලෙස පවසන මනාලයා ඇයගෙන් ඉල්ලීමක් ද කරයි. එය නම් ඔහු ඉල්ලා සිටින  රසබර මොහොත ඔහුට ලග කර දෙන ලෙසයි.එම මොහොත මත් බව හා ඉතා සමීපය. ශෘංගාර රසයේ උත්කෘෂ්ට  බව මත් ස්වභාවයක් ලෙස , රචකයා යොදා ගන්නා මධු පැන් අර්ථයෙන් නිරූපණය කරයි. මනාලයා මනාලියගෙන් මධු පැන් හෙවත් මත්වන පානය නැතහොත් ශෘංගාර රසයේ උත්තුංග මොහොත තමාට ලබා දෙන ලෙස ඇයගෙන් ඉල්ලා සිටි.නැතහොත් තරුණයා සිය මනාලියට අනංග රංගනයට ඇරයුම් කිරීමක් ලෙස ව්‍යංගයෙන් ප‍්‍රකාශ කරයි. 

  මෙම ගීතය පුරාවටම දිව යන්නේ විවාහයට පත් වූ තරුණ යුවලකගේ ප‍්‍රථම ලිංගික එක්වීමේදී තරුණයා තුල ටිකෙන් ටික ගොඩනැගෙන හැගීම් සමුදායයි.

ඔවුන් තුල එම මොහොතේ පවත්නා පේ‍්‍රමය , රාගය,මුසු හැගීම් මුළු ගීතය පුරාවටම පුද්ගල මනසට දැනෙන පරිදි ගොඩ නැගීමට රචකයා සමත් වී තිබේග ශෘංගාර රසය මැනවින් දනවන යෙදුම් බෝහොමයක් ව්‍යංගර්තය තුලින් ගීතය පුරාවටම ඉදිරිපත් කර තිබෙන අතර , විශේෂත්වය වන්නේ ඒ සියල්ල සරල වචන භාවිත කර ගනිමින් නිර්මාණය කර  තිබීමයි.



Sunday, June 17, 2018

මත්ද්‍රව්‍ය හා තාරුණ්‍යයේ හෙට දවස

   


                                                     සමාජය තුලින්ම බිහිවී , සමාජය තුලම වර්ධනය වී සමාජයේ පැවැත්ම විනාශකාරී මාවතක් වෙත යොමු කරවන දරුණු සමාජ අර්බුදයක් ලෙස මෙම මත උවදුර   හැදින්විය හැක . මත්ද්‍රව්‍ය භාවිතය මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය හා  ජනතාවගේ ඇදහිලි තරම්ම පැරණිය .බුදුන් වහන්සේ සිගාලෝවාද සුත්‍රයේ රහමෙර  ආදීනව ආර්ථික සමාජීය වශයෙන් පරිහානියට පත්වන ආකාරය පිලිබදව දේශනා කර  ඇත .බොද්ධයන්  විසින්   පිලිපදිනු ලබන ශික්ෂා පදයට අනුව සුරාමේරය මජ්ජපම දට්ඨානා  මිනිසා මත බවට පත් කරන ආහාර පන වලින් වලකින ලෙසටත් දක්වා ඇත .
              
 මොනවද මේ මත්ද්‍රව්‍ය  ...

                           1948 අංක 13 දරන විෂ වර්ග , අබිං යන අන්තරාදායක ඔෂධ ආග්‍යා පනත මගින් රසායනික ද්‍රව්‍ය නීතිමය වශයෙන් තහනම් ද්‍රව්‍ය ලෙස විග්‍රහ කොට 
ඇත . නීතියෙන් තහනම් කොට ඇති රසායනික ද්‍රව්‍ය හෝ වේදය මග පෙන්වීමකින් තොරව මිලයට ගන්නා රසායනික ද්‍රව්‍ය නීති 
විරෝධී වේ . මී අනුව බලන කල අබින් ,ගංජා , කොකේන් හා හෙරොයින් මෙන්ම වේදයමය වශයෙන් යොදා  නොගගන්නා අවස්ථාවලදී amphetamine , barbiturate , codeine  මත්ද්‍රව්‍ය ලෙස හදුන්වයි  ශ්‍රී ලංකාවේ මුල්කාලීනව මත්ද්‍රව්‍ය උවදුරේ ප්‍රධාන මත්ද්‍රව්‍ය වශයෙන් ගංජා , අබින් සැලකිය යුතු වුවද 70 දශකයේ අවසානයේදී ඉතා ප්‍රබල හා භයානක මත්ද්‍රව්‍ය වන හෙරොයින් භාවිතය ආරම්භ විය . වර්තමානය වන විට ඉතා ප්‍රබල ක්‍රියාකාරීත්වයෙන් යුතු  ice  නමැති විෂ මත්ද්‍රව්‍ය  විශේෂය රට තුල සංසරණය වන බවට පසුගිය  කාලවල්ලදී සුලභව වාර්තා විය . 


 ලංකාවට අලුතින් ආ මාරයා ... ice 

 ආමරිකානු මත්ද්‍රව්‍ය නිවාරණ ආකකයට අනුව  methamphetamine  හෙවත් අයිස් යනුවෙන් හැදින්වෙන්නේ ඉතා භයානක මත්ද්‍රව්‍ය විශේෂයකි .අයිස්  ලෙස සාමාන්‍ය ව්‍යවහාරය තුල හදුන්වනු ලබන මෙම මත්ද්‍රව්‍ය විශේෂයය සිරුර මත දීර්ග කාලින බලපෑම් ඇතිකළ හැකි උත්තේජනයක් ලෙස හැදින්වීමට පුළුවන . මෑතකදී ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් මෙම මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් අත්තදන්ගුවට  වාර්තා වීම තුල ලංකාව මෙම උවදුරේ අවදානම් සහිත අවදියක් පවතින බවට කදිම නිදර්ශන සපයයි . 

මත්ද්‍රව්‍ය   සමාජ අර්බුධයක් වන්නේ කෙසේද ? 

 ශාරීරික මානසික සහ සමාජීය වශයෙන් මත්ද්‍රව්‍ය පුද්ගලයා විෂයෙහි විනාශකාරී අයුරින් බලපෑම් කරනු ලබන බව කවුරුත් දන්නා කරුණකි .වර්තමානයේ ලාංකික සමාජය මත්ද්‍රව්‍ය හේතුවෙන් අර්බුද ගණනාවකට මුහුණ පා ඇත . ඒ  අතුරින් බරපතලම සමාජ අර්භුදය වී   තරුණ පරම්පරාව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමේ ප්‍රතිශතය දිනෙන් දින ඉහල යාමයි .නමුදු මිට දශක දෙකකට, තුනකට පෙර ලාංකික සමාජය තුල මත්පැන් , මත්ද්‍රව්‍ය , දුම්වැටි වලට  ආබ්බගි වුවන් සිටියද එය තරුණ පරම්පරාව ගිල ගැනීමේ  අර්බුදයක් දක්වා වර්ධනය වී නොතිබූ නිසාම එය සමාජ ප්‍රශ්නයක් ලෙස එදා සමාජය විසින් පිලිගනු නොලැබිය . වුර්ත ආර්ථික රටාව මෙරටට මත්ද්‍රව්‍ය ගලාඒමට බලපාන ප්‍රධාන සාධකයක් වූ බව අප දනිමු .මෙසේ ආනායන , අපනයන  තහංචි ලිහිල් වීමත් සමග ජාත්යන්තර ගනුදෙනු වල දීමත් හේතුවෙන් විදේශිකයන් ගේ ආගමනය විශාල වශයෙන්  සිදුවීම මත්ද්‍රව්‍ය රටතුලට ගලාඒමට සෘජු  හා වක්‍ර අන්දමින් බලපාන ලදී .මත්ද්‍රව්‍ය හේතුවෙන් මතුවන සමාජ අර්බුද අතර සියදිවි හානි  කර ගැනීම ප්‍රබල සංසිද්දියක් ලෙස දැක්විය හැක . විශේෂයෙන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇතිවන මානසික විකුතිකාරී තත්වයන් පුධලයින් සියදිවි නසා ගැනීමට පොලබවලිය හැක . මත්ද්‍රව්‍ය භාවිතයෙන් ආතිවන අර්බුදකාරී තත්වයන් ද විශේෂයෙන්  යුතුය .මත්ද්‍රව්‍ය වලට ආබ්භී වීම හේතුවෙන් මරණයට පත්වන හෝ  විවිධ විකුර්ති තත්වයන්ට ගොදුරු වන පුද්ගලයින් ගේ පවුල්වල 
උත්ගතවන ගැටළුකාරී තත්වයන් අතිමහත් ය . මේ හේතුවෙන් මුලික පවුල් සංස්ථාව වම  බිදවැටිය හැක . ඒ බැවින් එක පුද්ගලයෙකුට පමණක් නොව සමස්ත සමාජයටම හානිදායක ලෙස බලපෑම් කරන බව   පැහැදිලිය .  

මත්  උවදුර පිටු දකිමු .

                                        මෙහිදී  මුලික පියවරක් ලෙස මත්පැන් හා දුම්පානය කිරීමෙන් ඇතිවිය හැකි හානිකර ප්‍රතිපල විපාකයන් පිලිබදව සමාජය තුල ප්‍රකට කිරීම වැදගත් ය . 
එමෙන්ම තරුණ ප්‍රජාව මෙම උවදුරෙන් මුදා ගැනීමට එහි අවදානම් සහගත බව පිලිබදවපුද්ගලයින් හට දැනුවත් භාවයක් ලබාදීමද වත්මන් කාලයේ අවශ්‍යතාවයකි . තාක්ෂණයත් සමහ දිනෙන් දින දියුණුවට පත්වන අන්තර්ජාලය , සමාජ ජාල ආදී ක්ෂේත්‍ර පදනම් කරගෙන මත්ද්‍රව්‍ය පිළිබද යහපත් ප්‍රතිරූපයක් පද්ගලයට මැවීමට උත්සහ ගැනීමක් දක්නට ලැබේ . මෙවෙනි තත්වයක් තුල රටේ අනාගතය  වෙනුවෙන් මත උවදුර පිටිදකිම සදහා නිසි සැලැස්මක් පිළිබද රාජ්‍ය අංශය අවධානය යොමු කල යුතු අතර , ජනතාවද ඊ වෙනුවෙන් රජයට සහයෝගය ලබාදී මතින් තොර හෙටක් ගොඩනැගීමේ  ජාතික වගකීම ඉටුකළ යුතුය. 

අකිලා නිර්මානි ද සිල්වා 

Tuesday, June 12, 2018

අයිතිය ලැබෙන තොරතුරු පනත

                                                         

                                                   තොරතුරු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ඔක්සිජන් බඳු ය. තොරතුරු දැනගැනීම පුරවැසියකු විෂයෙහි පවතින මූලික අයිතිවාසිකමකි. මුල්කාලීන රාජාණ්ඩු පාලනයක් තුළ රජය සතු තොරතුරු ඉතා රහසිගතව පවත්වාගෙන ගියද, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සංකල්පය පැමිණීමත් සමඟ මුල් කාලීනව පැවැති මතවාද සියල්ල උඩු යටිකුරු කරමින් ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය ආයතන පිළිබඳව තොරතුරු දැනගැනීමට ජනතාවට අයිතියක් පවතින බවට මතවාදයක් ඉදිරියට පැමිනුණි. ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ස්ථාපිත වී වසර ගණනාවක් ගත වුව ද ප්‍රජාතන්ත්‍රවා‍දයේ ඔක්සිජන් බදු වූ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට නිසි වටිනාකමක් ලැබෙන්නේ 2015 මැතිවරණයෙන් බලයට පත් වූ යහපාලන රජයත් සමඟිනි. ඒ තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුව 2016 අගෝස්තු මස සම්මත වීමෙන් අනතුරුව ය.
                                                     රටේ අනෙකුත් නීති පිළිපැදීමට ජනතාව වගකිව යුතු වුව ද මෙම පනත මඟින් රාජ්‍ය අංශය හා නිලධාරීන් ජනතාවට වගකීමට බැඳී සිටීම පනතේ පවතින විශේෂත්වයක් ලෙසට ද ඉදිරිපත් කළ හැක. නමුත් ශෝකයට කරුණ නම් මෙතරම් වැදගත්කමකින් හෙබි තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව හෝ එහි වැදගත්කම පිළිබඳව හෝ මහජනතාවට පවතින දැනුම්වත් භාවය අල්ප වීම ය.
                          එබැවින් තොරතුරු පනත විශේෂවන්නේ නැතහොත් වැදගත් වන්නේ කුමන කාරණා ප්‍රමුඛ කරගෙන ද යන්න පිළිබඳව අවබෝධයක් ලබා සිටීම වැදගත්වේ.තොරතුරු දැනගැනීමේ අයිතිය ලෙස සලකනු ලබන්නේ එදිනෙදා දකින, අසන, කාලීන ප්‍රවෘත්ති, ආරංචි නොව, මෙහිදී තොරතුරු ලෙස සලකනු ලබන්නේ ජනතාවගේ මහජන මුදලින් නඩත්තු වන පවත්වාගෙන යනු ලබන රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳ තොරතුරු දැනගැනීමට පවතින අයිතිය පිළිබඳව ය.සාමාන්‍ය ජනතාවට මෙම තොරතුරු දැනගැනීමේ අයිතිය වැදගත් වන්නේ කුමකටද යන්න විශේෂයෙන් මතු කළ යුතු කරුණකි. තොරතුරු දැනගැනීමේ අයිතිය සඳහා මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය , සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනය වැනි අන්තර්ජාතික ප්‍රඥප්ති තුළින් විශේෂ ඉඩකඩක් වෙන්කර තිබෙන්නේ ද තොරතුරු අයිතියට පවතින්නා වූ වැදගත්කම නිසාවෙන් ම බව පැහැදිලි ය. ප්‍රජාතන්ත්‍රවාදයේ හා යහපාලනයේ පැවැත්ම උදෙසා තොරතුරු දැනගැනීමේ අයිතිය අතිශය වැදගත් ය. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මහජන නියෝජිතයන් තෝරා ගැනීමේ පරමාධිපත්‍ය බලය හිමිවන්නේ ජනතාවට ය.

මෙහිදී රටට වැඩදායක, යහපත් ජනතා නියෝජිතයන් පිරිසක් තෝරා ගැනීමට නම් ජනතාවට නිවැරැදි තොරතුරු දැනගැනීම වැදගත් ය. තොරතුරු දැනගැනිමේ පනතේ අන්තර්ගතය දෙසට ද අවධානය යොමු කළ යුතු ය.
පනතේ 05 වන වගන්තිය තුළ ජනතාවට තොරතුරු දැනගැනීමට හැකියාව පවතින ආයතනයක් පිළිබඳව දක්වා ඇත.ඒ අනුව අමාත්‍යාංශ, පළාත් පාලන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන ව්‍යවස්ථාපිත ආයතන පිළිබඳ තොරතුරු දැනගැනීමට ජනතාවට අවස්ථාව සලසා දී ඇත. ඉහත නම් සඳහන් කරන ලද ආයතනයක් පිළිබඳව එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් පවතින්නේ ද ඒ සඳහා තොරතුරු ලබාගැනීමට ක්‍රියා පිළිවෙළක් පනත තුළ දක්වා ඇත. එහි දක්වා ඇති පරිදි සෑම ඉහත දක්වන ලද ආයතනයකටම තොරතුරු ලබාගැනීමට තොරතුරු නිලධාරියෙකු සිටී. ඔහුගෙන් පළමුව තොරතුරු ලබාගත හැක.
තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළවිට හෝ ලබාදුන් තොරතුරු පිළිබඳව අතෘප්තිමත් වන පුරවැසියෙකුට ඒ පිළිබඳව ආයතනයේ සිටින අභියාචනා නිලධාරියාට පැමිණිලි කළ හැක. එතුළින් ද සාධාරණයක් ඉටු නොවුණහොත් ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට’ අභියාචනාවක් ඉදිරිපත් කළ හැක. එතුළින් ද සාධාරණයක් ඉටු නොවන පුරවැසියකුට අභියාචනාධිකරණයේ අභියාචනාවක් ගොනුකර තම තොරතුරු දැනගැනී‍ෙම් අයිතිය වෙනුවෙන් යුක්තිය ඉටුකර ගත හැක.මේ පනත මඟින් රාජ්‍ය නිලධාරියා හා ජනතාවට වගකිව යුතු පුද්ගලයෙකු බවට පත්කර ඇති අතර එලෙස ස්වකීය වගකීම පැහැර හරින අවස්ථාවන්හි දණ්ඩනයට යටත් කළ හැකි බලයක් ද පනත හරහා ලබාදී ඇත. එහිදී යම්කිසි නිලධාරියෙකු තොරතුරු සැපයීම අවහිර කළහොත්, තොරතුරු චේතනාන්විතව වසන් කළ‍ෙහාත් වැරදි තොරතුරු සැපයුවහොත් කොමිසමේ කැඳවීම්වලට අවනත නොවුණහොත් එවැනි අවස්ථාවලදී තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව විසින් මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පැවරීමට හැකියාවක් ලැබෙන අතර එහිදී වැරදිකරු වූ පුද්ගලයෙකුට රු. 50,000/= නොවැඩි දඩයකට හා වසර 02 ක් නොඉක්මවන සිරගත කිරීමකට හෝ දෙයාකාරයේ දඬුවමට යටත් කිරීමේ හැකියාව පවතී.
   මේ අයුරින් පුරවැසියාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමට ගෙන එන ලද මෙම තොරතුරු දැනගැනීමේ පනත දූෂණයට, අල්ලසට එරෙහි ප්‍රබල භාවිතයක් ලෙස යොදාගැනීමේ පරම අයිතිය හිමිවන්නේ පුරවැසියන්ට ය.එබැවින් වචනයට පමණක් සීමා නොවූ යහපාලන රාජ්‍යයක් නිර්මාණය කිරීමට පුරවැසියාට ද පනත හරහා අවස්ථාව හිමිකර දී ඇති අතර එය නිසි ලෙස භාවිතා කිරීමට පුරවැසියන් උත්සුක විය යුතු ය.

Friday, June 1, 2018

ලංකාවේ නිර්මාණය වන පළමු 3D චිත්‍රපටය ගජමෑන් .







                                              බොහෝ දෙනාගේ ආදරය දිනාගත් කැමිලස් පෙරේරා  මහතාගේ  ගජමෑන් චිත්‍ර කතාව 3D  චිත්‍රපට නිර්මාණයක් ලෙසින් මුළු මහත් ප්‍රේක්ෂකයන් උදෙසා සමීප කිරීමට මෙ දිනවලදී නිර්මාණ කටියුතු  සිදුකරනු ලබයි . ගජමෑන් චිත්‍ර කතාව තුල ඈතුලත් චරිත කිහිපයක් මුල් කර ගනිමින් මෝෂන් කැප්චර්  තාක්ෂනයෙන් නිර්මාණය වන ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍රපටය   ලෙස මෙය ඉතිහාසයට එක්  වෙයි . 3D සජිවිකරණ අත්දැකීම ප්‍රේක්ෂකයන්ට සමීප කල ලොව බොහෝ දෙනාගේ ආදරය දිනාගත් avetor වැනි සිනමා නිර්මාණ සදහා  මෙම මෝෂන් කප්චර් තාක්ෂනය භාවිත කරතිබූ අතර  ගජමෑන් චිත්‍ර පටය තුලද මෙවැනි දියුණු තාක්ෂණික ක්‍රමවේද භාවිත කිරීමබොහෝදෙනාගේ අවධානයට පත්වන කරුණකි .
                                        මෙම චිත්‍රපටයේ හඩමුසුවෙන් දායක වන ප්‍රධානතම ශිල්පින් ලෙස සුනිල් පෙරේරා , සුනෙත් ච්ත්‍රානන්ද හා ගාමින්ද ප්‍රියවිරාජ්  යන ශිල්පින් කටියුතු කරනු ලබයි .මෙම ච්ත්‍රපටය අධ්‍යක්ෂණය  කරනු ලබන්නේ චානක පෙරේරා මහතා විසිනි . ඔහු මෙම  ච්ත්‍රපට  ක්ෂේත්‍රය ට නවක චරිතයක් වන අතර ඔහු 3D  සජිවිකරණය  පිලිබදව විදෙස් උපධිධාරියෙකි.
                                          ශ්‍රී ලංකාවේ සිනමාවේ නව හැරවුම් ලක්ෂයක්  සනිටුහන් කරමින් මිලියන 75 ක වියදමින් නිර්මාණය වන  ගජමෑන් 3D  සිනමා නිර්මාණයේ පුර්ව  ප්‍රචාරක පටය මේවන විට  අන්තර්ජාලය වෙත මුදාහැර තිබෙන අතර නොබෝදිනකින් ලාංකික ප්‍රේක්ෂකයන් වෙත සමීප කරමින් දිවයින පුරා සිනමාහල් වල තිරගත වීමට නියමිතය . 






                             ගජමෑන් 3D  සිනමා නිර්මාණයේ පුර්ව  ප්‍රචාරක පටය පහතින් ...




                                           

Wednesday, May 30, 2018

සංස්කෘතියේ රැළි මවන රූප පෙට්ටිය

 

                     
          


                                                      සංස්කෘතියක් නිරන්තරයෙන් වෙනස්ව පවතින්නේ පුද්ගල ජිවන  අවශ්‍යතා පදනම් කරගනිමිනි. වර්තමානය වනවිට මාධ්‍ය  සංදේශ අනුව ස්වකිය  අවශ්‍යතා ගොඩනංවා ගැනීමේ ප්‍රවණතාවයට පුද්ගලයා යොමුවී අවසානය . වර්තමානය වන විට ජනමාධ්‍ය බොහෝ ජනජීවිතයේ කාර්යයන් වල අනුප්‍රාප්තිකයා ලෙස කටියුතු කිරීම දැකගත හැක. අදවන විට දරුවන් තම ආච්චි සීයාගෙන් කතන්දර ආසිමේ කලාව ඉවතට ගොසින්ය. අද එම කර්තව්‍ය භාරගෙන ඇත්තේ මාධ්‍යය. ප්‍රෝඪ  ඉතිහාසයකට උරුමකම් කියූ ශ්‍රේෂ්ඨ රජවරුන්ගේ , විරුවන්ගේ  ලෙයින් උපන් අපේ පරම්පරාවේ කතාන්දරය වසන් කරමින් බෙන්ටෙන් ලා ,ස්පයිඩර් මෑන්  ලා , පරමාදර්ශී ප්‍රතිරුප ලෙස දරුවන්ගේ  මනසට කාවද්දීමේ අවර ගණයේ  උත්සාහයක වත්මන් මාධ්‍ය නියලෙමින් සිටි .
                                                         වත්මන් මාධ්‍ය පුද්ගල චර්යාව වෙනස් කරනුයේ අපටත් නොදනිම ය .නිවසක රාත්‍රී කෑම  මේසය   පවුලේ සියලු දෙනාගේ එකමුතුකම සනිටුහන් කරන ලද නමුත් වර්තමානයේදී නම් පවුලේ සියල්ල එක්තැන් වන තැන රුප පෙට්ටිය බවට   පත්කරගෙන අවසනය . මෙලෙසට පුද්ගල සිරිත් විරිත් චර්යාවන් වෙනස් කරමින් මාධ්‍යයේ අවශ්‍යතා ඉටුකර ගැනීමේ ප්‍රභල හැකියාවත් ඔවුන් සතුය .
 අතීතයේ සිට චාම් සරල දිවි පැවැත්මක් අගය කල  පුද්ගලයා අදවන විට අසීමාන්තික අවශ්‍යතාවන් ගොන්නක් පසුපස ලුහුබදි . අද  වත්මන් වෙළදපොල තුල කාන්තාව ප්‍රධාන ඉලක්කගත ග්‍රහකයෙකි . විශේෂයෙන්  නිය , හිසකෙස් , සම ආදී වශයෙන් ගත්කල  හිසේ සිට දෙපතුල දක්වා සියලු අංග  සදහා විවිධ නිෂ්පාදනයන් කාන්තාව ඉලක්ක කරගෙන හදුන්වාදී තිබෙන්නේ ඇය බහුභාණ්ඩික  චරිතයක් බවට පත් කරමිනි . මෙලෙසට මාධ්‍ය මගින් පුද්ගලයාගේ මුලික අවශ්‍යතාවන් වෙනුවට ව්‍යාජ අවශ්‍යතාවයන් මතුකරමින් ව්‍යපාරිකයන් හට   අවශ්‍ය වෙළදපොල නිර්මාණය කරදීමේ ක්‍රියාදාමයක නිරතවනු දක්නට ලැබේ . මේ අනුව බලන කල  මාධ්‍යක මුලික අරමුණ වූ මහජන සේවාව අදවන විට මහජනයා මුලාකිරිම දක්වා වෙනස් වීමකට ලක්ව ඇත්තේ තම පැවැත්ම වෙනුවෙන් ලාභය උපරිම කර ගැනීමේ අරමුණ මත පදනම් ව වන බව පැහැදිලිය .
                                                මේ සියලු කරුණු හමුවේ  අප  තරයේ අවධානයට ලක් කරගත යුතු කරුණක් පවතී . රට තුල බලවත්, ලෝකය තුල බලවත් නිෂ්පාදන සමාගම් තම ලාභය උපරිම කරගත හැකි කුමන හෝ මාවතක් වෙනුවන් මේ වන විටත් ඔබ මම ඇතුලු අප සැමගේම චර්යාවන් අධ්‍යනයක  නිරත වෙම්න් සිටි . එහි අරමුණ ඔබේ  ච්න්තන රටාව වෙනස් කරමින් වෙළදපොල තුල ඔබ බහුභාණ්ඩික , සංකර  චරිතයක් බවට පත් කිරීමයි. මෙවැනි පසුබිමක් තුල සමාජය අවදි කරන , සමාජය තුල යහපත් හරපද්ධතීන් නිර්මාණය  කිරීමට උරදිය යුතු මාධ්‍ය භාවිතයක් පවත්වාගෙන යාම පිලිබදව මාධ්‍ය හිමිකාරිත්වය වගකිවයුතු අතර මාධ්‍ය සංදේශ විචාරශීලිව පරිශීලනය කරමින් මාධ්‍ය සාක්ෂරතාවයෙන් යුතු ග්‍රහකත්වයක් ගොඩනගා ගැනීම පරිශීලකයාගේද  යුතුකමකි .

     අකිලා නිර්මානි ද  සිල්වා 

Wednesday, May 23, 2018

යකඩ යකාට බිලි වෙන්ට පෙර


                                               

       

 සල්ලාලයකුගේ 
අල්ලප සල්ලාපයට මුලා වී 
යකඩ යකාට බිලිවෙන්ට 
පහේ කෝච්චිය එනතුරු 
රේල් පීල්ලට වී බල සිටින 
නංගියේ දන්නවාද ?
නුබේ අම්මා 
කම්හලේ හදන 
රෙදි පොට්ටනි එක්ක 
ඔට්ටු වෙලා ගත්ත සොච්චමෙන්
 හදපු රන් මාලෙත් අරං 
නුබ බලන්න පහේ කෝච්චියේ ගෙදර එන ගමන්...