මි පැණි රහසක්
මීපැණි රහසක්
ගැලුවා සුකිරි කන්දෙන්
සිතල පහසක්
දැනුනා සිතල නින්දෙන්
කොපුල දෑල හාදු ගලායා
කුමරි ලගින් සුවද සලායා
සුසුම් කිමැයි මෙතරම්
උණුසුම්
කසුන් කියබු සසෙලෙයි
මිහිරෙන්
බියෙන් සැකෙන් උන්නොත්
දුරකින්
සැනසුම යයි කන්දෙන්
පල්ලම්
මනාලියේ ලජ්ජානම්
දෑස වස ගනු මැන දෝතින්
රාතී‍්‍රය ගෙවිලා යයි
විගසින්
දුන මැන ඉල්ලන රස මධු
පැන්
ගායනය- කිත්සිරි ජයසේකර
සංගීතය- සිරිල් පෙරේරා
පද රචනය- සුනිල් විමලවීර
ගීතය , යනු විශ්වීය සාහිත්‍යකි.භාෂාව බාධාවක් නොවන තරමටම ගීතයේ මනස සන්තර්පණය කරන ප‍්‍රබල විශ්වීය ගුණාංගයක් ගැබ්ව පවතී. පුද්ගලයා කුමන මනොභාවයක සිටියත් එකී මනෝභාවයෙන් මනස මුදා වෙනත් භාවයක දැහැන් ගත කිරිමට තරම් ගිතයක ඈත්තේ ප‍්‍රබල ශක්තියකි.
විශ්වීය ගීත කලාව කෙසේ වෙතත් භාෂා අතුරින් සිංහල භාෂාව වූ කලි ඉතා සියුම්ව සිතැගි විදාරණය කල හැකි ජිවී භාෂාවක් යැයි පෙන්වාදිය හැක.එහෙයින් සිංහල ගීත නිතැතින්ම සුහද මනස උත්තුංග මනෝභාවයන්ට ඉතා සියුම්ලෙස සමීප කරවයි. එහෙත් සුභාවිත ගීතය වූ කලී සංගීතයෙන් නැතහොත් ශබ්ද රසයෙන් පමණක් සෑහීමකට පත් නොවේ. එය අර්ථ රසයෙන් ද පරිපූර්ණ වීම අත්‍යවශ්‍යවේ. එබදු ගීතයක් අර්තථාන්විත සුභාවිත ගීතයක් සේ පෙන්වා දිය හැක. සිංහල ගීත කලාව තුල එවැනි සුභාවිත ගීත බෝහොමයක් දැක ගත හැක.
ඒ අතුරින් කිත්සිරි ජයසේකර මහතා විසින් ගායනා කරන සිරිල් පෙරේරා මහතා විසින් සංගීතවත් කරන ලද සුනිල් විමලවීර මහතා විසින් පද රචනය කරන ලද ” මී පැණි රහසක් ” ගීතය පුර්වෝක්ත සුභාවිත ගීත අතුරින් එකක් ලෙස පෙන්වා දිය හැක. එහෙත් පේ‍්‍රමය හා විරහව සුලභව දැකිය හැකි ගීත සමුදායක් අතුරින් මෙම ගිතය වෙනස් කොට දැක්විය හැකි ගීතයකි. මන්දයත් බොහෝ ගීත පුද්ගල මනස විරහවට සමීප කරවීමට උත්සහ ගනිද්දී මෙම ගීතය මනුෂ්‍යාගේ ඇති ශෘංගාර රසය උද්දීපනය කරවීමට උත්සහ ගනී. ශෘංගාරය වූ කලි බොහෝ ගීත කියා පෑමට උත්සහ දරන එහෙත් අවසන ඕලාරික හැගීම් පමණක් ඉතිරිවිය හැකි සුන්දර ලෙස පිවිතුරු ලෙස කියාපෑමට අපහසු මනොභාවයකි. බොහෝ ගිත රචකයන් අසමත් වන්නේ ද ශෘංගාර රසය ගීත තුලින් කියා පෑමට උත්සාහ නොගන්නේද එහෙයිනි.සැමට පොදු විරහව තුලින් පුද්ගල මනස සනුකම්පාවට පත් කරන්න උත්සහ ගන්නේද එහෙයිනි.ඒ අනුව මෙම ගීතය වෙනස් වන අතරම උද්දීපනය කිරීමට උත්සහ ගන්නා මනෝභාවය ඉතා සුන්දර ලෙස කියා පෑමට සමත් වේ.
බොහෝ දෙනෙකුට සුලභ අද්දැකීමක් රචකයා මෙහිදී සිය ගීතයේ වස්තු විෂය කර ගනී. ස්වකීය ජිවිතයේ ප‍්‍රථම වරට ශෘංගාර රසය අත්විදින කුලූදුල් අවස්ථාව විවාහ වූ දෙපලකගේ පළමු එක්වීමයි.මෙතෙක් තනිකඩව ගෙවා දැමු ජීවිතය අවසන් කරමින් ආරම්භ කරන විවාහ දිවියේ පළමු හමුවීම මධු සමයයි. එහෙයින් ගීත රචකයා ශෘංගාර රසය මතු කිරීමට ඉතාම උචිත අවස්ථාව ස්වකිය ගීතයේ වස්තු විෂය කර ගනී.
මීපැණි රහසක්
ගැලුවා සුකිරි කන්දෙන්
සිතල පහසක්
දැනුනා සිතල නින්දෙන්
කොපුල දෑල හාදු ගලායා
කුමරි ලගින් සුවද සලායා
රචකයා එම ගීතය ආරම්භ කරන්නේ ජිවිතයේ එම මොහොතේ ඇති මිහිරියාව,රසබර ස්වභාවය තියුණුබව කියාපෑමට ගත හැකි ඉගි කිහිපයක් ද සමගිනි. මෙම ඔවුන් නොවුන්ගේ ජිවිතයේ පළමු රාත‍්‍රියයි. එහෙත් එතරම් මිහිරි රාත‍්‍රීය වුවද එය ඔවුන් අතර පවත්නා රහසකි. එකී හැගීම්, එකී මොහොත රහසක්ව පැවතීමද රහසකි,මිහිරියාවකි.විවාහ දිවියට පත වීමට ප‍්‍රථම ඔවුන් තුල ගොඩ නැගී සිතැගි සියල්ල මුදාහලහැකි එම මොහොත ඔවුන්ගේ ජිවිතයේ ශෘංගාර රසයේ උත්කෘශ්ටම මොහොත ද විය හැක. එම මොහොතට එතරම් මිහිරි බවක් එක කිරීමට රචකයා උත්සහ කරන්නේද එහෙයිනි.
"මීපැණි සහ සුකිරි” යනු ඉතා රසවත් දේය. රසට රසක් එක්වන මොහොතක් ඉතා රසවත් ලෙස දැක්වීමට රචකයා සමත් වි තිබේ. ඔවුන් තුල ඇති හැගීම් සමග මෝදු වන්නේ බියකි. එහෙත් එම බිය හිංසාකාරී නොවෙයි.එම බිය තුල ගැබ්ව ඇත්තේ කුලූදුල් බවයි. විවහ දිවියට පත් වන තරුණ යුවලකග්ගේ සියලූ අපේක්ෂාවන් එම මොහොත තුල ගැබ්ව පවතී ශෘංගාරය සමගම බියක් මතුව එන්නේ එම මොහොතේ ස්වභාවය නිසාවෙනි. සිතල පහසක් යනුවෙන් රචකයා කියා පෑමට උත්සහ ගෙන ඇත්තේ එවැන්නකි. කම්මුල් පුරා ගල යන හාදු ඔවුන් තුල ඈති අසීමිත ශෘංගාරය , නොඉවසිලිවන්ත බව මනාවට කියාපායි. ඔවුන්ගේ ලිංගික එක්වීමට පෙර පුරුෂයා තුලින් මෝදු වන හැගීමි මෙහිදී මතුකර තිබේ . ඔහු ඇයව තවමත් කුමාරිකාවක් ලෙස දක්වන්නේ ඒනිසාවෙනි. ලිංගික එක්වීමට පෙර ඇය තුල පවත්නා නොයිදුල් ස්වභාවය ඉන් මතුකර දක්වයි.
සුසුම් කිමැයි මෙතරම්
උණුසුම්
කසුන් කියබු සසෙලෙයි
මිහිරෙන්
බියෙන් සැකෙන් උන්නොත්
දුරකින්
සැනසුම යයි කන්දෙන්
පල්ලම්
ඇයගේ උණුසුම් සුසුම් වල පහස ඔහුට තදින්ම දැනේ. ඔවුන් දෙදෙනා අතර තිබෙන සමීප බව මෙන්ම එම මොහොතේ දෙදෙනාගේ හැගීම්වල ඇති උණුසුම්භාවය ඔවුනොවුන්ට දැනේ තරුණියකගේ ආකර්ෂණය, විරුද්ධ ලිංගික ආකර්ෂණය වැඩි කරන කියබු රොද ඔවුන්ගේ මිහිරියාවෙන් චංචල වන බවක් කියාපැමෙන් එම අවස්ථාවේ ගැබ්ව පවතින ශෘංගාරත්වය උද්දීපනය කිරීමට රචකයා උත්සහ ගනී. මෙය විවවහයට පත්වන ඕනෑම තරුණ යුවලකට මුහුණ පෑමට සිදුවන සිදුවීමකි. ඒ අවස්ථාවට බිය සැක සංකා අනිසි බවත්, දුරස්ථ බව සිය සැනසුම නැති කරන හෙයින් තව තවත් තමාට සමීප වන ලෙසත් ඔහු ඇරයුම් කරයි. එමෙන්ම ඔහුගේ සැනසුම කන්දක මුදුන ලෙස ව්‍යංගයෙන් ප‍්‍රකාශ කරනුයේ ශෘංගාරයේ උච්චතම අවස්ථාව යයි හැගෙන අතර එයින් තමාව මුදා නොගෙන තමා වෙතට සමීප වන ලෙස කරන ඉල්ලීමක් ලෙසද අපට සිතිය හැක.
මනාලියේ ලජ්ජානම්
දෑස වස ගනු මැන දෝතින්
රාතී‍්‍රය ගෙවිලා යයි
විගසින්
දුන මැන ඉල්ලන රස මධු
පැන්
ඇයට තවමත් මේ මොහොත නුහුරුය. නුපුරුදුය. සිය කුලූදුල් එක්වීමකදී තරුණියක් තුල හට ගන්නා අසීමිත ලැජ්ජාව මුසු හැගීම ඇයටද දැනෙන බව මනාලයා තේරුම් ගනී. ඇය තුල තවමත් ඇත්තේ එවැන්නකි. මේ මොහොත කෙතරම් පේ‍්‍රමනිය වුවද ඇය තවමත් ලජ්ජා වන්නිය. ඇයට ලජ්ජා සිතේ නම් දෑස දෝතින් වස ගනු ලෙස ඔහු පවසයි. කෙසේ හෝ ඇය තුල ඇති ලජ්ජා සහගත බව මුදාලීමට ඔහුට අවැසිය. මේ ඔවුන්ගේ ජිවිතයේ ප‍්‍රථම එක්වීම බව සැබැය. එහෙත් එය ජීවීතයේ ද එකම එක ප‍්‍රථම එක්වීමයි . ඔවුන්ගේ දිවියට පැමිණෙන්නේ එකම එක මධු සමයකිග මධු සමය ගත කරන රාත‍්‍රිය ඔවුන්ගේ ජිවිතයේ අවසානය තෙක්ම මතකයේ රැුදෙන පළමු රාත‍්‍රියයි. එහෙයින් තරුණයාට එම රාත‍්‍රිය සුන්දරව ගත කිරීමට ඇත්තේ නොඉවසිලිමත් කමකි. ඔහුට හැගෙන්නේ ඒ සුන්දර රාත‍්‍රිය විගසින් නිමාවට පත්වන බවයි. ඇය තුල පවත්නා එම ලැජ්ජාව, රාත‍්‍රිය තව තවත් කෙටි කරන බවක් ඔහුට හැගේ. ඔහු තුල පවත්නා ශෘංගාර හැගිම්ද වර්ධනය වෙමින් පවතී මනාලියගේ පවත්නා ලැජ්ජාව කෙසේ හෝ සගවා ගන්නා ලෙස පවසන මනාලයා ඇයගෙන් ඉල්ලීමක් ද කරයි. එය නම් ඔහු ඉල්ලා සිටින රසබර මොහොත ඔහුට ලග කර දෙන ලෙසයි.එම මොහොත මත් බව හා ඉතා සමීපය. ශෘංගාර රසයේ උත්කෘෂ්ට බව මත් ස්වභාවයක් ලෙස , රචකයා යොදා ගන්නා මධු පැන් අර්ථයෙන් නිරූපණය කරයි. මනාලයා මනාලියගෙන් මධු පැන් හෙවත් මත්වන පානය නැතහොත් ශෘංගාර රසයේ උත්තුංග මොහොත තමාට ලබා දෙන ලෙස ඇයගෙන් ඉල්ලා සිටි.නැතහොත් තරුණයා සිය මනාලියට අනංග රංගනයට ඇරයුම් කිරීමක් ලෙස ව්‍යංගයෙන් ප‍්‍රකාශ කරයි.
මෙම ගීතය පුරාවටම දිව යන්නේ විවාහයට පත් වූ තරුණ යුවලකගේ ප‍්‍රථම ලිංගික එක්වීමේදී තරුණයා තුල ටිකෙන් ටික ගොඩනැගෙන හැගීම් සමුදායයි.
ඔවුන් තුල එම මොහොතේ පවත්නා පේ‍්‍රමය , රාගය,මුසු හැගීම් මුළු ගීතය පුරාවටම පුද්ගල මනසට දැනෙන පරිදි ගොඩ නැගීමට රචකයා සමත් වී තිබේග ශෘංගාර රසය මැනවින් දනවන යෙදුම් බෝහොමයක් ව්‍යංගර්තය තුලින් ගීතය පුරාවටම ඉදිරිපත් කර තිබෙන අතර , විශේෂත්වය වන්නේ ඒ සියල්ල සරල වචන භාවිත කර ගනිමින් නිර්මාණය කර තිබීමයි.