Showing posts with label ARTICLES. Show all posts
Showing posts with label ARTICLES. Show all posts

Friday, August 3, 2018

දිනකට දොඩම් ගෙඩියක් ආහාරයට ගෙන නිරෝගී වෙන්නේ මෙහෙමයි

.


                            දිනපතා දොඩම් ගෙඩියක් බැගින් ආහාරයට ගැනීමෙන් අන්ධබාවයට පත්වීමේ සම්භාවිතාව 60% අවම කර ගැනීමෙ හැකියාවක් පවතින බව පර්යේෂණයකින් හෙළිවී තිබේ . සාමාන්‍යයෙන් වියපත් වීමත් සමග ඊට සාපේක්ෂව ඇස් පෙනීමේ දුරුවලතා  මතුවීම ස්වාභාවිකය .එහෙත් දිනපතා දොඩම් ගෙඩියක් බැගින් ආහාරයට ගැනීමෙන් එම දුර්වලතාවය මගහරවා ගැනීමට හැකිවන බව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සරසවියේ මහාචාර්‍ය "බැමිණි ගොබිනාද් " මහතා විසින් සිදු කල පර්යේෂණයකින් අනාවරණය වී තිබේ . 
                                දොඩම්වල අන්තර්ගතවන ඔක්සිකරකයක් වන " ෆ්ලෙවනොයිඩ් " හේතුවෙන් මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රසාරණය වීමට ඉවහල් වන අතර එමගින් අක්ෂි ආබාධයන්ද වලක්වා ගැනීමට හැකිවන බව මෙම පර්යේෂණය හරහා අනාවරණය කරගෙන තිබේ .
              පැගිරි කුලයට අයත් ශාකයක් වන දොඩම් අප රටේ මෙන්ම ඉන්දියාව සහ මලයාසියාව වැනි රටවලහොදින් වැවෙන අතර මෙම ශාකයේ සම්භවය සිදුවීඇත්තේ චීනයේයබාලතරුණමහලු සෑමදෙනම ප්‍රිය කරන පිපාසය සංසිදුවන රසවත් පානයක් වන මෙය බොහෝ ඖෂධීය වටිනාකමක් ඇති පලතුරකි.

                  දොඩම් යුෂ පානය කිරීමෙන් ලැබෙන තවත් ගුණ 

  •     විටමින්  A බහුල නිසා එමගින් ඇස් පෙනීම වැඩි දියුණු කරයි.          විටමින්  E මගින් සම පැහැපත් කරයි. එමෙන්ම ,
  •         හෘද ස්පන්දන වේගය පාලනයකරයි.
  •         පෙනහළු හා මුඛ පිළිකාඅවදානම අවම කරයි.
  •         රුධිර පීඩනය අවම කරයි.
  •         සන්ධි ආශ්‍රිත රෝගාබාධ වලට ගුණ දායකය.
  •         සිරුරේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහල නංවයි.
  •         සිරුරේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි.
  •         ගර්භාෂගත රෝගී තත්ත්වයන් මැඩ පවත්වයි.
  •         රුධිරගත ආබාධ මැඩ පවත්වයි.
  •         හදවත් රෝග වැලදීමේ අවදානම අවම කරයි.
  •         නිරක්තිය දුරු කරයි
  •         විදුරුමස් ආශ්‍රිත ලේ ගැලීම් පාලනය කරවයි.
  •         ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කරයි.
  •         මල බද්ධය දුරු කරයි.
  •         පීනස් රෝගයට ගුණදායකය.
  •         තුවාල සුව කිරීමේ හැකියාව ඇත.

Tuesday, July 24, 2018

ස්මාර්ට් ෆෝන් කිරණ ඔබේ මතක ශක්තික හීන කරන හැටි මෙන්න ...





                           
                                      තරුණ පරම්පරවට නැතුවම බැරි දෙයක් ලෙස ස්මාර්ට් ෆෝන් අද කා අතරත් ජනප්‍රියයි . මෑතකදී ස්විස්ටර්ලන්ත පර්යේෂණ කන්ඩායමක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය  වුයේ වැඩි වශයෙන් ස්මාර්ට් ෆෝන් භාවිතය මගින් තරුණ තරුණියන්ගේ මතක ශක්තිය හීන වීමේ අවධානමක් පවතින බවයි .
බොහෝ තරුණ තරුණියන් තම ජංගම දුරකථනය භාවිත කිරීමේදී දකුණු කන වැඩි වශයෙන් භාවිතා  කරනු ලබන අතර ජංගම දුරකථනය හරහා නිකුත් වන කිරණ මගින් මොලයේ දකුණු ප්‍රදේශයට හානි ගෙනදෙන බවට  ස්විස්ටර්ලන්ත් පර්යේෂකයන් විසින් අනාවරණය කර ගන්නා ලදී . මිට අමතරව ජංගම දුරකථන මගින් කෙටි පණිවිඩ යැවීම , අන්තර්ජාලයේ සැරිසැරීම , දුරකථන වීඩියෝ ක්‍රීඩාවල  නිතර යෙදීම  හේතුවෙන්   තරුණ ජීවිතවලට සිදුවන බලපෑම සුලුපටු නොවේ .
                       මෙම පර්යේෂණය පිලිබදව වැඩිදුරටත් තොරතුරු සදහන් කරන ලද මෙම පිරිස  ප්‍රකාශ කර තිබුනේ  , ජංගම දුරකථන මගින් නිකුත් කරනු ලබන චුම්බක ක්ෂේත්‍ර කිරණ යොදාගනිමින් විද්‍යාගාරයේදී මියන් යොදා ගනිමින් සිදුකරන ලද මෙම  පර්යේෂණයෙදී  එම මියන්ගේ  මෝළයේ  අවට සෙල වලින් 80% පමණ හානි වී තිබු බවයි. දෙනිකව දුරකථන මගින් වි නිකුත් වන විද්‍යුත් චුම්බක ක්ශේත්‍ර කිරණ වලට නිරාවරණය වීමෙන් මිනිස් මොලයේ සෙල වලටද   සිදුවන හානිය මෙයින් ගණනය කල හැකි බවයි . 
                     ලෝකයේ තාක්ෂනය දිනෙන් දින දියුණු වන්නේ පුද්ගලයාගේ ජිවිතයේ දෙනික ක්‍රියාවන් තව දුරටත් පහසු කිරීම අරමුණු කරගෙනය .එහෙත් ඕනෑම දෙයක් පමණට වැඩ භාවිතය යකපත් නොවන බව වටහාගෙන තාක්ෂණයද භාවිතයේදී යම් සීමාවකට අනුව සිදු කිරීම  පුද්ගලයාට නිරන්තර යහපතම උදා කරනු ලබන බව  අප තරයේ මතකයට ගෙන කටියුතු කිරීම වැදගත් වේ . 

.

Saturday, July 14, 2018

ඔබේ දිනපොත ලියන ෆේස්බුක්


ෆෙස්බුක් සමාජ වෙබ් අඩවිය නිර්මාණය වනේන් සන්නිවේදන තාක්ෂණයේ ඉහල මට්ටමේ ජයග‍්‍රහණයක් ලෙසිනි .   අන්තර්ජාල සංස්කෘතිය තුළ නව්‍ය උප සංස්කෘතයික් ලෙස වර්ධනය වන ෆෙස්බුක් වෙබ් අඩවිය මානව ජීවිතවල හැඩය තීරණය කරමින් පුද්ගල මනෝභාවයන් කෙරෙහි තීරණාත්මක බලපෑමක් කළ හැකි සාධකයක් බවට පත්වේ. එය එක්තරා අතකින් සමාජයීය සංසිද්ධි ගණනාවක මැදිහත්කරුවා වන අතර තවත් අතකින් ඒවායේ අවිඥානික පාලකයා ලෙස ද පෙනී සිටියි.  ෆෙස්බුක් වෙබ් අඩවිය සමාජගත වන්නේ මිතුරන් අතර සබඳතා ගොඩනඟා ගත හැකි වෙබ් අඩවියක් ලෙසය. එනම් පරිගණක ඇතුළු විද්‍යුත් උපාංග භාවිත කරමින් දුරස්ථව සිටින පුද්ගලයින්    දෙදෙනෙකු හෝ වැඩි පිරිසක් අතර අන්තර්ජාලය ඔස්සේ තොරතුරු හුවමාරු කරගත හැකි මාධ්‍යයක් ලෙස ෆෙස්බුක් වෙබ් අඩවියේ මූලික        ආකෘතිය නිර්මාණය කර තිබේ.
                 එහි දී පණිවිඩ හුවමාරු කර ගැනීමේ සිට ඡයාරූප හුවමාරු කරගැනීම හා සංවාද පැවැත්වීම ඇතුළු පහසුකම් ගණනාවක් ෆෙස්බුක් වෙබ් අඩවියෙන් සැපයේ. අන්තර්ජාලය තුළ ෆෙස්බුක් වෙබ් අඩවිය කිසිසේත් තවත් එක් වෙබ් අඩවියක් බවට පමණක් පත් නොවන්නේ මානව සමාජයේ මෙම නිදහස් චින්තනයට එයින් ලබාදුන් තාක්ෂණික දායකත්වය නිසාය. එනම් අන්තර්පුද්ගල සම්බන්ධතාවනේ ග් සිට රාජ්‍යයක් පාලනය කිරීම හා හැසිරවීම තෙක්ම ෆෙස්බුක්හි දායකත්වය වර්තමානය තුළ  හදුනා ගත හැක 
                                               ඒ අනුව විවිධ දේශපාලන ව්‍යාපාර සඳහා මෙන්ම සමාජ ව්‍යාපාර සඳහා ද ෆෙස්බුක් පහසුකම් සපයයි. එහි දී තම පුද්ගලික දේශපාලන ප‍්‍රතිරූපය වර්ධනය කර ගැනීම සඳහා මෙන්ම යම්කිසි දේශපාලනික අරමණුක් සහිතව ක්‍‍්‍රියාත්මක වන කණ්ඩායමක සිට රටක රාජ්‍ය බලය මෙහෙයවන ආණ්ඩුවක මතවාදය සමාජය තුළ ප‍්‍රවර්ධනය කිරීම තෙක ්ෆෙස්බුක් ඉතා සංවිධානාත්මකව මෙහෙයවීම දැකිය හැකිවේ.   ඒ ඔස්සේ පුද්ගලික ප‍්‍රවර්ධන පිටු හා පුද්ගලික ගිණුම්  තුළ ඡුායාරූප, වීඩියෝ දර්ශන හා අදහස් පළකිරීම ඔස්සේ සිදුකරන මතවාද හැඩගැස්වීම එක්තරා ජනප‍්‍රිය විලාසිතාවක් ලෙස ද ඉස්මතු වෙමින් තිබේ.    
                                      නව ෆෙස්බුක් සංස්කෘතිය කලා නිර්මාණ සමාජගත කිරීම සඳහා ද අසීමිත අවස්ථා සලසා දී තිබේ. එනම් ෆෙස්බුක් බිහිවීමට පෙර කලා නිර්මාණයක් ජනතාව අතරට ගෙනයෑම සඳහා පැවති බාධක සියල්ලක්ම පාහේ මෙම අන්තර්ජාල අවකාශය තුළ ඉවත් වී තිබේ.  මේ අනුව බලන කල ආර්ථික, දේශපාලනික ,සමාජීය , ආදී වශයෙන් විවිධ ක්ෂේත්‍රයන් තුල පුද්ගලයාට කිසිදු බාහිර බලපෑමකින් තොරව  ඉස්මතු විමේ හැකියාව ෆේස්බුක් මගින් විවර කර දී තිබේ  .  ඉහත දැක්වන ලද පරිදි  පුද්ගල හැකියාවන්  සදහා ෆෙස්බුකිය වේදිකාවක් කර ගත හැක . එසේ වරම් ලත්  පිරිසද  අපමණය . මේසා  විශාල වපසරියක පැතිර පවතින  මෙම මාධ්‍ය තුලින් වර්තමානයේ නිසි පල නෙලා ගන්නේ අතලොස්සකි  .  නිර්මාණාත්මක කලා කෘතියක්  ෆේස්බුක් හරහා මුදා හැර තම ප්‍රතිරූපයට නව අරුතක් ගොඩනගාගැනීමට උත්සුක වනවාට   වඩා   තරු පහේ හෝටලයක ආහාර වේලක් බුක්ති විදීමේ ජායාරුපයක් බුකිය තුල දමා  එයට වැටෙන ලයික් ප්‍රමාණය මත  තමන්ගේ ප්‍රතිරුපය මනාව ගොඩනංවනු ලබන බව බොහෝදෙනගේ සිත්හි රැදී කාරණාවකි .එහෙත්  තමන් තුළ මවා පෙන්වන තරමේ ජනප‍්‍රියත්වයක් සැබෑ සමාජය තුළ අදාළ පුද්ගලයාට හිමි වී තිබේ ද යන්න සැබවින්ම ප‍්‍රශ්න සහගතය.  පුද්ගල දින පොතක් සහ ෆෙස්බුකිය අතර වර්තමානය වනවිට එතරම් වෙනසක් දක්නට  නොලැබෙන්නේද මෙවැනි තත්වයක් නිසාවෙන්ම වන  බවනම් පැහැදිලිය .
                                             
                                         පුද්ගල  ප්‍රතිරූපය ගොඩනංවාලීමට යැයි ගොස් ෆේස්බුක් තුලින්ම තම ප්‍රතිරූපය විනාශයට ලං කරගනු ලබන චරිතයන්ද නැතුවාම නොවේ.  විශේෂයෙන් දුක ,සතුට, වේදනාව, ආදිවූ මේ සියලු පුද්ගල මනෝභාවයන් එකට කැටි කොට ගනිමින් ගෙවෙන මේ මනුෂ්‍ය ජිවිතයේ ජිවන කතාන්රදය ලියන  දිනපොත බවට අදවන විට ෆේස්බුක් පත්ව අවසානය .මේ කුමන කාරනාවක් තුලින් වුවද අප තරයේ සිත්හි තබා ගතයුතු සත්‍යයක්  ඇත . පොද්ගලිකත්වය  නම් පොද්ගලිකත්වයයි එය ඔබ තුලම පමණක් තබාගත යුතුය . සිතට දැනෙන සියල්ල බුකිය තුල දැමීමෙන් ඔබ ඔබේම විනාශය ඔබ වෙතට කැදවාගෙන එනු ඈත එය සිදුවන්නේද ඔබටවත් නොදැනීම වීම නම්  ශෝකයට කරුණකි   
                                                    
                              

Sunday, June 17, 2018

මත්ද්‍රව්‍ය හා තාරුණ්‍යයේ හෙට දවස

   


                                                     සමාජය තුලින්ම බිහිවී , සමාජය තුලම වර්ධනය වී සමාජයේ පැවැත්ම විනාශකාරී මාවතක් වෙත යොමු කරවන දරුණු සමාජ අර්බුදයක් ලෙස මෙම මත උවදුර   හැදින්විය හැක . මත්ද්‍රව්‍ය භාවිතය මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය හා  ජනතාවගේ ඇදහිලි තරම්ම පැරණිය .බුදුන් වහන්සේ සිගාලෝවාද සුත්‍රයේ රහමෙර  ආදීනව ආර්ථික සමාජීය වශයෙන් පරිහානියට පත්වන ආකාරය පිලිබදව දේශනා කර  ඇත .බොද්ධයන්  විසින්   පිලිපදිනු ලබන ශික්ෂා පදයට අනුව සුරාමේරය මජ්ජපම දට්ඨානා  මිනිසා මත බවට පත් කරන ආහාර පන වලින් වලකින ලෙසටත් දක්වා ඇත .
              
 මොනවද මේ මත්ද්‍රව්‍ය  ...

                           1948 අංක 13 දරන විෂ වර්ග , අබිං යන අන්තරාදායක ඔෂධ ආග්‍යා පනත මගින් රසායනික ද්‍රව්‍ය නීතිමය වශයෙන් තහනම් ද්‍රව්‍ය ලෙස විග්‍රහ කොට 
ඇත . නීතියෙන් තහනම් කොට ඇති රසායනික ද්‍රව්‍ය හෝ වේදය මග පෙන්වීමකින් තොරව මිලයට ගන්නා රසායනික ද්‍රව්‍ය නීති 
විරෝධී වේ . මී අනුව බලන කල අබින් ,ගංජා , කොකේන් හා හෙරොයින් මෙන්ම වේදයමය වශයෙන් යොදා  නොගගන්නා අවස්ථාවලදී amphetamine , barbiturate , codeine  මත්ද්‍රව්‍ය ලෙස හදුන්වයි  ශ්‍රී ලංකාවේ මුල්කාලීනව මත්ද්‍රව්‍ය උවදුරේ ප්‍රධාන මත්ද්‍රව්‍ය වශයෙන් ගංජා , අබින් සැලකිය යුතු වුවද 70 දශකයේ අවසානයේදී ඉතා ප්‍රබල හා භයානක මත්ද්‍රව්‍ය වන හෙරොයින් භාවිතය ආරම්භ විය . වර්තමානය වන විට ඉතා ප්‍රබල ක්‍රියාකාරීත්වයෙන් යුතු  ice  නමැති විෂ මත්ද්‍රව්‍ය  විශේෂය රට තුල සංසරණය වන බවට පසුගිය  කාලවල්ලදී සුලභව වාර්තා විය . 


 ලංකාවට අලුතින් ආ මාරයා ... ice 

 ආමරිකානු මත්ද්‍රව්‍ය නිවාරණ ආකකයට අනුව  methamphetamine  හෙවත් අයිස් යනුවෙන් හැදින්වෙන්නේ ඉතා භයානක මත්ද්‍රව්‍ය විශේෂයකි .අයිස්  ලෙස සාමාන්‍ය ව්‍යවහාරය තුල හදුන්වනු ලබන මෙම මත්ද්‍රව්‍ය විශේෂයය සිරුර මත දීර්ග කාලින බලපෑම් ඇතිකළ හැකි උත්තේජනයක් ලෙස හැදින්වීමට පුළුවන . මෑතකදී ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් මෙම මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් අත්තදන්ගුවට  වාර්තා වීම තුල ලංකාව මෙම උවදුරේ අවදානම් සහිත අවදියක් පවතින බවට කදිම නිදර්ශන සපයයි . 

මත්ද්‍රව්‍ය   සමාජ අර්බුධයක් වන්නේ කෙසේද ? 

 ශාරීරික මානසික සහ සමාජීය වශයෙන් මත්ද්‍රව්‍ය පුද්ගලයා විෂයෙහි විනාශකාරී අයුරින් බලපෑම් කරනු ලබන බව කවුරුත් දන්නා කරුණකි .වර්තමානයේ ලාංකික සමාජය මත්ද්‍රව්‍ය හේතුවෙන් අර්බුද ගණනාවකට මුහුණ පා ඇත . ඒ  අතුරින් බරපතලම සමාජ අර්භුදය වී   තරුණ පරම්පරාව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමේ ප්‍රතිශතය දිනෙන් දින ඉහල යාමයි .නමුදු මිට දශක දෙකකට, තුනකට පෙර ලාංකික සමාජය තුල මත්පැන් , මත්ද්‍රව්‍ය , දුම්වැටි වලට  ආබ්බගි වුවන් සිටියද එය තරුණ පරම්පරාව ගිල ගැනීමේ  අර්බුදයක් දක්වා වර්ධනය වී නොතිබූ නිසාම එය සමාජ ප්‍රශ්නයක් ලෙස එදා සමාජය විසින් පිලිගනු නොලැබිය . වුර්ත ආර්ථික රටාව මෙරටට මත්ද්‍රව්‍ය ගලාඒමට බලපාන ප්‍රධාන සාධකයක් වූ බව අප දනිමු .මෙසේ ආනායන , අපනයන  තහංචි ලිහිල් වීමත් සමග ජාත්යන්තර ගනුදෙනු වල දීමත් හේතුවෙන් විදේශිකයන් ගේ ආගමනය විශාල වශයෙන්  සිදුවීම මත්ද්‍රව්‍ය රටතුලට ගලාඒමට සෘජු  හා වක්‍ර අන්දමින් බලපාන ලදී .මත්ද්‍රව්‍ය හේතුවෙන් මතුවන සමාජ අර්බුද අතර සියදිවි හානි  කර ගැනීම ප්‍රබල සංසිද්දියක් ලෙස දැක්විය හැක . විශේෂයෙන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇතිවන මානසික විකුතිකාරී තත්වයන් පුධලයින් සියදිවි නසා ගැනීමට පොලබවලිය හැක . මත්ද්‍රව්‍ය භාවිතයෙන් ආතිවන අර්බුදකාරී තත්වයන් ද විශේෂයෙන්  යුතුය .මත්ද්‍රව්‍ය වලට ආබ්භී වීම හේතුවෙන් මරණයට පත්වන හෝ  විවිධ විකුර්ති තත්වයන්ට ගොදුරු වන පුද්ගලයින් ගේ පවුල්වල 
උත්ගතවන ගැටළුකාරී තත්වයන් අතිමහත් ය . මේ හේතුවෙන් මුලික පවුල් සංස්ථාව වම  බිදවැටිය හැක . ඒ බැවින් එක පුද්ගලයෙකුට පමණක් නොව සමස්ත සමාජයටම හානිදායක ලෙස බලපෑම් කරන බව   පැහැදිලිය .  

මත්  උවදුර පිටු දකිමු .

                                        මෙහිදී  මුලික පියවරක් ලෙස මත්පැන් හා දුම්පානය කිරීමෙන් ඇතිවිය හැකි හානිකර ප්‍රතිපල විපාකයන් පිලිබදව සමාජය තුල ප්‍රකට කිරීම වැදගත් ය . 
එමෙන්ම තරුණ ප්‍රජාව මෙම උවදුරෙන් මුදා ගැනීමට එහි අවදානම් සහගත බව පිලිබදවපුද්ගලයින් හට දැනුවත් භාවයක් ලබාදීමද වත්මන් කාලයේ අවශ්‍යතාවයකි . තාක්ෂණයත් සමහ දිනෙන් දින දියුණුවට පත්වන අන්තර්ජාලය , සමාජ ජාල ආදී ක්ෂේත්‍ර පදනම් කරගෙන මත්ද්‍රව්‍ය පිළිබද යහපත් ප්‍රතිරූපයක් පද්ගලයට මැවීමට උත්සහ ගැනීමක් දක්නට ලැබේ . මෙවෙනි තත්වයක් තුල රටේ අනාගතය  වෙනුවෙන් මත උවදුර පිටිදකිම සදහා නිසි සැලැස්මක් පිළිබද රාජ්‍ය අංශය අවධානය යොමු කල යුතු අතර , ජනතාවද ඊ වෙනුවෙන් රජයට සහයෝගය ලබාදී මතින් තොර හෙටක් ගොඩනැගීමේ  ජාතික වගකීම ඉටුකළ යුතුය. 

අකිලා නිර්මානි ද සිල්වා 

Tuesday, June 12, 2018

අයිතිය ලැබෙන තොරතුරු පනත

                                                         

                                                   තොරතුරු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ඔක්සිජන් බඳු ය. තොරතුරු දැනගැනීම පුරවැසියකු විෂයෙහි පවතින මූලික අයිතිවාසිකමකි. මුල්කාලීන රාජාණ්ඩු පාලනයක් තුළ රජය සතු තොරතුරු ඉතා රහසිගතව පවත්වාගෙන ගියද, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සංකල්පය පැමිණීමත් සමඟ මුල් කාලීනව පැවැති මතවාද සියල්ල උඩු යටිකුරු කරමින් ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය ආයතන පිළිබඳව තොරතුරු දැනගැනීමට ජනතාවට අයිතියක් පවතින බවට මතවාදයක් ඉදිරියට පැමිනුණි. ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ස්ථාපිත වී වසර ගණනාවක් ගත වුව ද ප්‍රජාතන්ත්‍රවා‍දයේ ඔක්සිජන් බදු වූ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට නිසි වටිනාකමක් ලැබෙන්නේ 2015 මැතිවරණයෙන් බලයට පත් වූ යහපාලන රජයත් සමඟිනි. ඒ තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුව 2016 අගෝස්තු මස සම්මත වීමෙන් අනතුරුව ය.
                                                     රටේ අනෙකුත් නීති පිළිපැදීමට ජනතාව වගකිව යුතු වුව ද මෙම පනත මඟින් රාජ්‍ය අංශය හා නිලධාරීන් ජනතාවට වගකීමට බැඳී සිටීම පනතේ පවතින විශේෂත්වයක් ලෙසට ද ඉදිරිපත් කළ හැක. නමුත් ශෝකයට කරුණ නම් මෙතරම් වැදගත්කමකින් හෙබි තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව හෝ එහි වැදගත්කම පිළිබඳව හෝ මහජනතාවට පවතින දැනුම්වත් භාවය අල්ප වීම ය.
                          එබැවින් තොරතුරු පනත විශේෂවන්නේ නැතහොත් වැදගත් වන්නේ කුමන කාරණා ප්‍රමුඛ කරගෙන ද යන්න පිළිබඳව අවබෝධයක් ලබා සිටීම වැදගත්වේ.තොරතුරු දැනගැනීමේ අයිතිය ලෙස සලකනු ලබන්නේ එදිනෙදා දකින, අසන, කාලීන ප්‍රවෘත්ති, ආරංචි නොව, මෙහිදී තොරතුරු ලෙස සලකනු ලබන්නේ ජනතාවගේ මහජන මුදලින් නඩත්තු වන පවත්වාගෙන යනු ලබන රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳ තොරතුරු දැනගැනීමට පවතින අයිතිය පිළිබඳව ය.සාමාන්‍ය ජනතාවට මෙම තොරතුරු දැනගැනීමේ අයිතිය වැදගත් වන්නේ කුමකටද යන්න විශේෂයෙන් මතු කළ යුතු කරුණකි. තොරතුරු දැනගැනීමේ අයිතිය සඳහා මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය , සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනය වැනි අන්තර්ජාතික ප්‍රඥප්ති තුළින් විශේෂ ඉඩකඩක් වෙන්කර තිබෙන්නේ ද තොරතුරු අයිතියට පවතින්නා වූ වැදගත්කම නිසාවෙන් ම බව පැහැදිලි ය. ප්‍රජාතන්ත්‍රවාදයේ හා යහපාලනයේ පැවැත්ම උදෙසා තොරතුරු දැනගැනීමේ අයිතිය අතිශය වැදගත් ය. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මහජන නියෝජිතයන් තෝරා ගැනීමේ පරමාධිපත්‍ය බලය හිමිවන්නේ ජනතාවට ය.

මෙහිදී රටට වැඩදායක, යහපත් ජනතා නියෝජිතයන් පිරිසක් තෝරා ගැනීමට නම් ජනතාවට නිවැරැදි තොරතුරු දැනගැනීම වැදගත් ය. තොරතුරු දැනගැනිමේ පනතේ අන්තර්ගතය දෙසට ද අවධානය යොමු කළ යුතු ය.
පනතේ 05 වන වගන්තිය තුළ ජනතාවට තොරතුරු දැනගැනීමට හැකියාව පවතින ආයතනයක් පිළිබඳව දක්වා ඇත.ඒ අනුව අමාත්‍යාංශ, පළාත් පාලන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන ව්‍යවස්ථාපිත ආයතන පිළිබඳ තොරතුරු දැනගැනීමට ජනතාවට අවස්ථාව සලසා දී ඇත. ඉහත නම් සඳහන් කරන ලද ආයතනයක් පිළිබඳව එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් පවතින්නේ ද ඒ සඳහා තොරතුරු ලබාගැනීමට ක්‍රියා පිළිවෙළක් පනත තුළ දක්වා ඇත. එහි දක්වා ඇති පරිදි සෑම ඉහත දක්වන ලද ආයතනයකටම තොරතුරු ලබාගැනීමට තොරතුරු නිලධාරියෙකු සිටී. ඔහුගෙන් පළමුව තොරතුරු ලබාගත හැක.
තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළවිට හෝ ලබාදුන් තොරතුරු පිළිබඳව අතෘප්තිමත් වන පුරවැසියෙකුට ඒ පිළිබඳව ආයතනයේ සිටින අභියාචනා නිලධාරියාට පැමිණිලි කළ හැක. එතුළින් ද සාධාරණයක් ඉටු නොවුණහොත් ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට’ අභියාචනාවක් ඉදිරිපත් කළ හැක. එතුළින් ද සාධාරණයක් ඉටු නොවන පුරවැසියකුට අභියාචනාධිකරණයේ අභියාචනාවක් ගොනුකර තම තොරතුරු දැනගැනී‍ෙම් අයිතිය වෙනුවෙන් යුක්තිය ඉටුකර ගත හැක.මේ පනත මඟින් රාජ්‍ය නිලධාරියා හා ජනතාවට වගකිව යුතු පුද්ගලයෙකු බවට පත්කර ඇති අතර එලෙස ස්වකීය වගකීම පැහැර හරින අවස්ථාවන්හි දණ්ඩනයට යටත් කළ හැකි බලයක් ද පනත හරහා ලබාදී ඇත. එහිදී යම්කිසි නිලධාරියෙකු තොරතුරු සැපයීම අවහිර කළහොත්, තොරතුරු චේතනාන්විතව වසන් කළ‍ෙහාත් වැරදි තොරතුරු සැපයුවහොත් කොමිසමේ කැඳවීම්වලට අවනත නොවුණහොත් එවැනි අවස්ථාවලදී තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව විසින් මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පැවරීමට හැකියාවක් ලැබෙන අතර එහිදී වැරදිකරු වූ පුද්ගලයෙකුට රු. 50,000/= නොවැඩි දඩයකට හා වසර 02 ක් නොඉක්මවන සිරගත කිරීමකට හෝ දෙයාකාරයේ දඬුවමට යටත් කිරීමේ හැකියාව පවතී.
   මේ අයුරින් පුරවැසියාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමට ගෙන එන ලද මෙම තොරතුරු දැනගැනීමේ පනත දූෂණයට, අල්ලසට එරෙහි ප්‍රබල භාවිතයක් ලෙස යොදාගැනීමේ පරම අයිතිය හිමිවන්නේ පුරවැසියන්ට ය.එබැවින් වචනයට පමණක් සීමා නොවූ යහපාලන රාජ්‍යයක් නිර්මාණය කිරීමට පුරවැසියාට ද පනත හරහා අවස්ථාව හිමිකර දී ඇති අතර එය නිසි ලෙස භාවිතා කිරීමට පුරවැසියන් උත්සුක විය යුතු ය.

Wednesday, May 30, 2018

සංස්කෘතියේ රැළි මවන රූප පෙට්ටිය

 

                     
          


                                                      සංස්කෘතියක් නිරන්තරයෙන් වෙනස්ව පවතින්නේ පුද්ගල ජිවන  අවශ්‍යතා පදනම් කරගනිමිනි. වර්තමානය වනවිට මාධ්‍ය  සංදේශ අනුව ස්වකිය  අවශ්‍යතා ගොඩනංවා ගැනීමේ ප්‍රවණතාවයට පුද්ගලයා යොමුවී අවසානය . වර්තමානය වන විට ජනමාධ්‍ය බොහෝ ජනජීවිතයේ කාර්යයන් වල අනුප්‍රාප්තිකයා ලෙස කටියුතු කිරීම දැකගත හැක. අදවන විට දරුවන් තම ආච්චි සීයාගෙන් කතන්දර ආසිමේ කලාව ඉවතට ගොසින්ය. අද එම කර්තව්‍ය භාරගෙන ඇත්තේ මාධ්‍යය. ප්‍රෝඪ  ඉතිහාසයකට උරුමකම් කියූ ශ්‍රේෂ්ඨ රජවරුන්ගේ , විරුවන්ගේ  ලෙයින් උපන් අපේ පරම්පරාවේ කතාන්දරය වසන් කරමින් බෙන්ටෙන් ලා ,ස්පයිඩර් මෑන්  ලා , පරමාදර්ශී ප්‍රතිරුප ලෙස දරුවන්ගේ  මනසට කාවද්දීමේ අවර ගණයේ  උත්සාහයක වත්මන් මාධ්‍ය නියලෙමින් සිටි .
                                                         වත්මන් මාධ්‍ය පුද්ගල චර්යාව වෙනස් කරනුයේ අපටත් නොදනිම ය .නිවසක රාත්‍රී කෑම  මේසය   පවුලේ සියලු දෙනාගේ එකමුතුකම සනිටුහන් කරන ලද නමුත් වර්තමානයේදී නම් පවුලේ සියල්ල එක්තැන් වන තැන රුප පෙට්ටිය බවට   පත්කරගෙන අවසනය . මෙලෙසට පුද්ගල සිරිත් විරිත් චර්යාවන් වෙනස් කරමින් මාධ්‍යයේ අවශ්‍යතා ඉටුකර ගැනීමේ ප්‍රභල හැකියාවත් ඔවුන් සතුය .
 අතීතයේ සිට චාම් සරල දිවි පැවැත්මක් අගය කල  පුද්ගලයා අදවන විට අසීමාන්තික අවශ්‍යතාවන් ගොන්නක් පසුපස ලුහුබදි . අද  වත්මන් වෙළදපොල තුල කාන්තාව ප්‍රධාන ඉලක්කගත ග්‍රහකයෙකි . විශේෂයෙන්  නිය , හිසකෙස් , සම ආදී වශයෙන් ගත්කල  හිසේ සිට දෙපතුල දක්වා සියලු අංග  සදහා විවිධ නිෂ්පාදනයන් කාන්තාව ඉලක්ක කරගෙන හදුන්වාදී තිබෙන්නේ ඇය බහුභාණ්ඩික  චරිතයක් බවට පත් කරමිනි . මෙලෙසට මාධ්‍ය මගින් පුද්ගලයාගේ මුලික අවශ්‍යතාවන් වෙනුවට ව්‍යාජ අවශ්‍යතාවයන් මතුකරමින් ව්‍යපාරිකයන් හට   අවශ්‍ය වෙළදපොල නිර්මාණය කරදීමේ ක්‍රියාදාමයක නිරතවනු දක්නට ලැබේ . මේ අනුව බලන කල  මාධ්‍යක මුලික අරමුණ වූ මහජන සේවාව අදවන විට මහජනයා මුලාකිරිම දක්වා වෙනස් වීමකට ලක්ව ඇත්තේ තම පැවැත්ම වෙනුවෙන් ලාභය උපරිම කර ගැනීමේ අරමුණ මත පදනම් ව වන බව පැහැදිලිය .
                                                මේ සියලු කරුණු හමුවේ  අප  තරයේ අවධානයට ලක් කරගත යුතු කරුණක් පවතී . රට තුල බලවත්, ලෝකය තුල බලවත් නිෂ්පාදන සමාගම් තම ලාභය උපරිම කරගත හැකි කුමන හෝ මාවතක් වෙනුවන් මේ වන විටත් ඔබ මම ඇතුලු අප සැමගේම චර්යාවන් අධ්‍යනයක  නිරත වෙම්න් සිටි . එහි අරමුණ ඔබේ  ච්න්තන රටාව වෙනස් කරමින් වෙළදපොල තුල ඔබ බහුභාණ්ඩික , සංකර  චරිතයක් බවට පත් කිරීමයි. මෙවැනි පසුබිමක් තුල සමාජය අවදි කරන , සමාජය තුල යහපත් හරපද්ධතීන් නිර්මාණය  කිරීමට උරදිය යුතු මාධ්‍ය භාවිතයක් පවත්වාගෙන යාම පිලිබදව මාධ්‍ය හිමිකාරිත්වය වගකිවයුතු අතර මාධ්‍ය සංදේශ විචාරශීලිව පරිශීලනය කරමින් මාධ්‍ය සාක්ෂරතාවයෙන් යුතු ග්‍රහකත්වයක් ගොඩනගා ගැනීම පරිශීලකයාගේද  යුතුකමකි .

     අකිලා නිර්මානි ද  සිල්වා 

Saturday, May 19, 2018

මුහුණු පොතේ ඝාතකයෝ



                                                   

                                  

                        


                                                      සන්නිවේදනයේ දියුණුවත් සමඟම මිනිසාගේ සමාජ සම්බන්ධතාද විශ්වයේ අස්සක් මුල්ලක් නෑර පැතිර ගොස් ඇත. එම සම්බන්ධතා ගොඩනැංවීමේ ක්‍රමවේදයක් ලෙස ෆේස්බුක් හෙවත් මුහුණු පොතට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. අන්තර්ජාලය තුළ සමාජ සම්බන්ධතා, තාක්ෂණය වැඩිදියුණු කරමින් නිර්මාණය කරන ලද මෙය අන්තර්ජාල ඉතිහාසය තුළ බිහි වූ ලෝකයාට බෙහෙවින් බලපැම් කළ හැකි සමාජ ජාලයක් වශයෙන් හැඳින්වීමට පුළුවන.


ලෝකයේ සිටින පුද්ගලයන් එකිනෙක සම්බන්ධ කරන්නා වූ හුයක් බවට වර්තමානයේ මුහුණුපොත ඉදිරියෙන්ම සිටියද මෙහි නිශේධනීය පැතිකඩක් ද පවතින බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඕනෑම දෙයක් යහපත් ලෙස භාවිත කිරීමට හැකියාව තිබියදී එය අයහපතටම යොදා ගන්නා පිරිස අප අතර ද නැතුවාම නොවේ. ෆේස් බුක් ද එවැන්නකි. එකිනෙකාට බැණ වදිමින් නින්දා -අපහාස කරමින් වෛරය වැපිරවීමේ මෙවලමක් ලෙස ෆේස්බුක් භාවිත කරන්නන්ගෙන් අඩුවක් නැත. මෑතක දී සිට ඉතා සුලභව මුහුණුපොත හරහා විවේචනයට ලක්වන පිරිසක් ලෙස සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් හැඳින්වීමට පුළුවන. විවිධ ආකාරයෙන් සිදු කරනු ලබන විවේචන හේතුවෙන් සමාජයේ ජනමතය ද සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් කෙරෙහි විවේචනශීලී මුහුණුවරක් ගැනීම අරුමයක් නොවේ. විශේෂයෙන් මෙම සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් යනු කවුරුන්දැයි යන්න පිළිබඳව නිසි අවබෝධයකින් තොරවීම මෙම තත්ත්වයට බලපා ඇති ප්‍රධාන කරුණ වී ඇති බව පැහැදිලිය.
සංක්‍රාන්ති ලිංගිකයන් යනු කවුරුන්ද?
ස්ත්‍රී පුරුෂ ලිංගභේදය යනුවෙන් සරලව අප හඳුන්වන්නේ උපතින්ම හිමි වන ලිංගිකභාවයේ වෙනසයි. ජීව විද්‍යාත්මකව ස්වභාවිකව සියලුම ජීවීහු ස්ත්‍රී පුරුෂ යන බෙදීමට ලක්ව උපත ලබයි. ස්ත්‍රිය හා පුරුෂයා අතර ඇති මෙම ජීව විද්‍යාත්මක ලිංගික වෙනස හේතුවෙන් ඔවුනොවුන්ගේ අඟ පසඟ ඉන්ද්‍රියන් හා ශරීර වර්ධනය වෙනස් අයුරින් සිදු වේ. ජීව විද්‍යාත්මකව ස්ත්‍රියට හා පුරුෂයාට ලැබී ඇති ලිංගික වෙනස මත සමාජය විසින් දීර්ඝ කාලයක පටන් වෙනස් වූ සමාජ තත්ත්වයන් මෙම දෙපක්ෂය සඳහාම නිර්මාණය කර ඇත. විශේෂයෙන් මේ අයුරින් තමන්ට උපතේදීම සංස්කෘතික වශයෙන් ලබා දෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිගැනීමට අකමැති එකිනෙකා අතර විවිධ වෙනස්කම් ඇති පුද්ගලයන් සිටින අතර ඔවුන් හැඳින්වීමට යොදනු ලබන පොදු වචනයක් ලෙස සංක්‍රාන්ති ලිංගිකයන් හැඳින්වීමට පුළුවන. සංක්‍රාන්ති ලිංගික පුද්ගලයකු යනු විරුද්ධ ලිංගය සමඟ මානසිකව අනන්‍ය වූත් ඇතැම්විට අවශ්‍ය කායික පෙනුම ලබා ගැනීමට බාහිර සැත්කම් හෝමෝන ප්‍රතිකාර කර ගැනීම මඟින් විරුද්ධ ලිංගයේ සාමාජිකයෙකු ලෙස ජීවත්වීමට උත්සාහ කරන්නාවූ පුද්ගලයෙකි.
මෙවැන්නෝ පුරුෂයන් ලෙස ඉපදී සිටියත් ස්ත්‍රියක් ලෙස ජීවත්වීමට කැමැත්තක් දක්වති. ස්ත්‍රීන්ද එසේමය. හෝමෝන් ප්‍රතිකාර හා ශල්‍යකර්ම මඟින් පරිවර්තනයට ලක්වූවෝ බොහෝය. උදාහරණයක් ලෙස වෙනිසියුලාවේ දේශපාලන ක්‍රියාකාරිනියක වන තමරා ඒඩ්‍රියන්, ඉන්දියාවේ පොලිස් නිලධාරිනියක වන ප්‍රීතිකා යශිනි වැන්නන් පෙන්වා දිය හැකියි. මොවුන් එම රටවල උසස් රැකියාවලට උරුමකම් කියුවද ලංකාව තුළ එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ය.
මානසිකව ඝාතනය කිරීම
වර්තමානයේ ඉතා ජනප්‍රියව පවතින විනෝදාස්වාදයපදනම් කරගත් ෆේස්බුක් පිටුවල මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ එහි අර්ථයවත් නොදත් පුද්ගලයන් වීම ශෝකයට කරුණකි. ආනන්දයෙන් ප්‍රඥාව කරායොමු කරවීම. විනෝදාස්වාද සම්පාදනයේ මුඛ්‍ය අරමුණ බවට පත් වුවද වර්තමානයේ ෆේස් බුක් පිටුවල දක්නට ලැබෙන්නේ පුද්ගලයන් මානසිකව ඝාතනයට ලක් කිරීම්ය. මෙම ෆේස්බුක් පිටුවල නිරන්තරයෙන් අපහාසයට ලක්වන පිරිසක් ලෙස සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් දැක්විය හැකිය. මුවා” “සමනලයාවැනි විවිධ සතුන්ගේ නම්වලින් පවා තමන්වැනිම තවත් මනුෂ්‍යයෙකු හැඳින්වීම කොතරම් දුරට සාධාරණදැයි අප අපගෙන්ම ඇසිය යුතුය. අප දන්සැලක් දුන් විට එය මහා බත් දන්සැලවන්නටත් ඔවුන් දන්සැලක් දුන්විට “සමනල දන්සැලවන්නටත් හේතුව කුමක්ද? මේ සියල්ල අප අපගෙන්ම ප්‍රශ්න කළ යුතුය. මේ ලෝකයට බිහිවන සියල්ලන් සියයට සියයක්ම සර්ව සම්පූර්ණව උපත ලබන්නේ නැත. අප සෑම කෙනෙකු තුළම යම් යම් අඩුපාඩු තිබෙන්නට පුළුවන. උපතින්ම මානසික ශරීරයට හිමි කායික ශරීරය නොලැබීම ඔවුන්ගේ වරදක් නොවන බව අප වටහා ගත යුතුය.
සමානාත්මතාවය, මානව හිතවාදී බව පිළිබඳ නිරන්තරයෙන් කථා බහට ලක් වන මෙවන් සමාජයක අප වැනිම තවත් මනුෂ්‍යයන් පිරිසක් ෆේස්බුක් හි විනෝදාස්වාද සම්පාදන යැයි දක්වා ඇති පිටුවල පළවන පෝස්ටර් හේතු කරගෙන මානසිකව දිනෙන් දින ඝාතනයට ලක්වන බව කිවයුතුය. ‍ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන අප වැනි ජාතියක සංස්කෘතිය විනාශ කිරීමට පැමිණි බලවේගයක් දෙස බලන කෝණයෙන් සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් දෙස බැලීමෙන් අප මිදිය යුතුය. අපේම සහෝදරියක්සහෝදරයෙකු වුවද මෙවැනි තත්ත්වයකට පත් විය හැකි බවද මතක තබා ගත යුතුය.
තවදුරටත් මානසික ඝාතකයෙකුගේ භූමිකාවෙන් විනෝදාස්වාද සම්පාදනය උදෙසා පවත්වාගෙන යන ෆේස්බුක් පිටු බැහැර විය යුතු අතර සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ද අප වැනිම මනුෂ්‍යයෝය යන්න නිරන්තර සිත්හි තබාගෙන කටයුතු කිරීම වැදගත් වේ.
අකිලා නිර්මාණි ද සිල්වා


Wednesday, May 16, 2018

සමාජ ජාලය ජංජාලයක් නොවන්නට නම්...


               

මිනිසා අත්පත් කරගත් තාක්ෂණික දියුණුවත් සමඟ සන්නිවේදන ක්ෂේත්‍රයට එක්වූ වේගවත්ම මාධ්‍යය ලෙස අන්තර්ජාලය හැඳින්වීමට හැකිය. අන්තර්ජාලය තුළ පවතින රියැලිටි රූපවාහිනිය ලෙස සමාජ ජාල මාධ්‍ය හඳුන්වනු ලබයි.පුද්ගලයෙකුට තවත් පුද්ගලයකු සමඟ සජීවීව සම්බන්ධතා ගොඩනංවා ගැනීමට, පවත්වාගෙන යාමට අවස්ථා සලසා දෙන තෙවන පාර්ශ්වීය වගකීම සමාජ ජාල මාධ්‍ය මඟින් ඉටුකරනු ලබන බව පැහැදිලිය.
මෙහිදී ට්විටර්, ෆේස්බුක්, ලින්ක්ඩ්ඉන් වැනි සමාජ ජාල මාධ්‍ය නිදසුන් ලෙස ඉදිරිපත් කළ හැකිය. මේ අතුරින් ලොව විශාලතම සම්බන්ධතා ජාලයක් ගොඩනඟාගෙන ඇති ප්‍රමුඛතම සමාජ ජාල මාධ්‍ය ලෙස ෆේස්බුක්මාධ්‍ය හැඳින්වීමට පුළුවන. ලෝකයේ බිලියන ගණනක මිනිසුන්ගේ ජීවිත වෙනස් කිරීමට ෆේස්බුක් සමාජ සම්බන්ධතා වෙබ් අඩවියට හැකිව තිබේ.
සයිබර් අවකාශය තුළ මිත්‍රත්වය, ආදරය, විනෝදය, දැනුම, අලෙවිකරණය එකිනෙකා අතර ගනුදෙනු කිරීමට යොදාගන්නා ප්‍රබලතම සන්නිවේදන මාධ්‍ය ෆේස්බුක් බවට වර්තමානයේ පත්ව ඇත. එබැවින් හොඳ - නරක අතර දෝලනය වන සාධක අතර වර්තමානයේ කතාබහට ලක්වන ප්‍රබල අන්තර්ජාල මෙවලමක් බවට මෙම සමාජජාල මාධ්‍යය වී ඇත. මෙතරම් වූ විශාල බලපෑමක් කළ හැකි පුද්ගලයන් විශාල ප්‍රමාණයක් ස්වකීය සම්බන්ධතා පවත්වාගෙන යනු ලබන ෆේස්බුක් මාධ්‍ය තුළ ඔබ කොතරම් ආරක්ෂිත ද යන්න දෙවරක් සිතා බැලිය යුතුය.

අවදානමට පෙර සුවදානම                                          

වර්තමානයේ පාසල් යන වයසේ දරුවාගේ සිට වැඩිමහල් පුද්ගලයා දක්වා ෆේස්බුක් මාධ්‍යයේ නියෝජනය වේ. දිනෙන් දින ෆේස්බුක් මාධ්‍ය සමඟ සම්බන්ධ වන්නන් වර්ධනය වනවාත් සමඟම එකී ක්ෂේත්‍රය හා සම්බන්ධ නීති විරෝධි ක්‍රියාවන්වල ද වර්ධනයක් දක්නට ලැබේ. එබැවින් ආරක්ෂිතව ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යාම පිළිබඳව දැනුවත් විය යුතු අතර බොහෝ දෙනකුට ඒ පිළිබඳව පවතින්නා වූ දැනුම අල්ප වේ. විශේෂයෙන් බොහෝ දෙනකු තමන් ෆේස්බුක් ගිණුමට ඇතුළත් වීමට යොදනු ලබන මුර පදය කොතරම් දුරට ආරක්ෂිත වනවා ද යන්න පිළිබඳව පවා එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැත.
 මුර පදය යෙදීමේදී එය පහසුවෙන් තවත් අයෙකුට අනුමාන කළ නොහැකි පදයක් විය යුතුය. විශේෂයෙන් බොහෝ පුද්ගලයන් තමන්ගේ උපන් දිනය නමේ මුල් අකුරු කිහිපය නැතහොත් තමන්ගේ පෞද්ගලික දුරකථන අංකය තම ගිණුමේ මුර පදය වශයෙන් භාවිත කරනු ලබයි.මෙවැනි අවස්ථාවකදී ඉතා පහසුවෙන් තවත් පුද්ගලයකුට තමන්ගේ ගිණුමට ඇතුළත් වීමට අවස්ථාව උදා වේ. එබැවින් ගිණුමට මුර පදය යෙදීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතුය.
එමෙන්ම මිතුරන් ලෙස මුහුණු පොතට එකතු කරගනු ලබන පුද්ගලයන් පිළිබඳව නිරන්තර සැලකිල්ලෙන් සිටීම වැදගත් වේ. කිසි දිනෙක නොදුටු මිතුරන් තමන්ගේ ජීවන සහකරු, සහකාරිය කරවා ගැනීමට පවා ඇතැමෙක් දෙවතාවක් නොසිතයි.
විශේෂයෙන්ම මෙවැනි අවාසනාවන්ත ඉරණම්වලට ගොදුරු වූ පුද්ගලයන් අවසන සියදිවි නසා ගැනීම් හරහා තමන්ගේ ජීවිතයට සමුදුන් අවස්ථාවලට උදාහරණ පසුගිය කාල වකවානුව තුළ සුලබව වාර්තා විය. මේ සියල්ල පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවීම වැදගත්ය.
එමෙන්ම ෆේස්බුක් මාධ්‍ය භාවිත කරනු ලබන පුද්ගලයන් බොහෝ දෙනකු මුහුණ දෙන ගැටලුකාරී තත්ත්වයක් ලෙස තමන්ගේ ඡායාරූප භාවිත කරමින් ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම ඉදිරිපත් කළ හැක.
මෙවැනි අවස්ථාවකදී ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගත හැකි, එමෙන්ම ලංකාවේ අන්තර්ජාල අපරාධ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකි ආයතන පිළිබඳව ද දැනුවත් භාවයක් ලබා තිබීම වැදගත් වේ. CERT හෙවත් ‘Computer Emagency Ready Team’ ආයතනයට මෙන්ම ශ්‍රී ලංකා අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ ඒකකය වෙත පරිගණක හා අන්තර්ජාල සම්බන්ධ අපරාධ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකි ආයතන වේ.
සමාජ ජාල මාධ්‍ය හරහා පුද්ගල අදහස්, මතවාද ඉදිරිපත් කිරීමට මෙන්ම, විවිධාකාරයේ සමාජමය ප්‍රපංචයන් පරිහරණය කරමින් ඒවා සමඟ ගනුදෙනු කරමින්, හුවමාරු කරමින් එහි සැරිසැරීමට නව සම්බන්ධතා වර්ධනය කරගැනීමට උපකාර වනවා සේම, එහි පවතින්නා වූ අයහපත් පැතිකඩයන් පිළිබඳව නිරන්තර විමසිල්ලෙන් මෙම ජාල මාධ්‍ය පරිහරණය කිරීම පරිශිලකයාගේ යුතුකමකි.
අකිලා නිර්මාණි ද සිල්වා