Sunday, June 17, 2018

මත්ද්‍රව්‍ය හා තාරුණ්‍යයේ හෙට දවස

   


                                                     සමාජය තුලින්ම බිහිවී , සමාජය තුලම වර්ධනය වී සමාජයේ පැවැත්ම විනාශකාරී මාවතක් වෙත යොමු කරවන දරුණු සමාජ අර්බුදයක් ලෙස මෙම මත උවදුර   හැදින්විය හැක . මත්ද්‍රව්‍ය භාවිතය මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය හා  ජනතාවගේ ඇදහිලි තරම්ම පැරණිය .බුදුන් වහන්සේ සිගාලෝවාද සුත්‍රයේ රහමෙර  ආදීනව ආර්ථික සමාජීය වශයෙන් පරිහානියට පත්වන ආකාරය පිලිබදව දේශනා කර  ඇත .බොද්ධයන්  විසින්   පිලිපදිනු ලබන ශික්ෂා පදයට අනුව සුරාමේරය මජ්ජපම දට්ඨානා  මිනිසා මත බවට පත් කරන ආහාර පන වලින් වලකින ලෙසටත් දක්වා ඇත .
              
 මොනවද මේ මත්ද්‍රව්‍ය  ...

                           1948 අංක 13 දරන විෂ වර්ග , අබිං යන අන්තරාදායක ඔෂධ ආග්‍යා පනත මගින් රසායනික ද්‍රව්‍ය නීතිමය වශයෙන් තහනම් ද්‍රව්‍ය ලෙස විග්‍රහ කොට 
ඇත . නීතියෙන් තහනම් කොට ඇති රසායනික ද්‍රව්‍ය හෝ වේදය මග පෙන්වීමකින් තොරව මිලයට ගන්නා රසායනික ද්‍රව්‍ය නීති 
විරෝධී වේ . මී අනුව බලන කල අබින් ,ගංජා , කොකේන් හා හෙරොයින් මෙන්ම වේදයමය වශයෙන් යොදා  නොගගන්නා අවස්ථාවලදී amphetamine , barbiturate , codeine  මත්ද්‍රව්‍ය ලෙස හදුන්වයි  ශ්‍රී ලංකාවේ මුල්කාලීනව මත්ද්‍රව්‍ය උවදුරේ ප්‍රධාන මත්ද්‍රව්‍ය වශයෙන් ගංජා , අබින් සැලකිය යුතු වුවද 70 දශකයේ අවසානයේදී ඉතා ප්‍රබල හා භයානක මත්ද්‍රව්‍ය වන හෙරොයින් භාවිතය ආරම්භ විය . වර්තමානය වන විට ඉතා ප්‍රබල ක්‍රියාකාරීත්වයෙන් යුතු  ice  නමැති විෂ මත්ද්‍රව්‍ය  විශේෂය රට තුල සංසරණය වන බවට පසුගිය  කාලවල්ලදී සුලභව වාර්තා විය . 


 ලංකාවට අලුතින් ආ මාරයා ... ice 

 ආමරිකානු මත්ද්‍රව්‍ය නිවාරණ ආකකයට අනුව  methamphetamine  හෙවත් අයිස් යනුවෙන් හැදින්වෙන්නේ ඉතා භයානක මත්ද්‍රව්‍ය විශේෂයකි .අයිස්  ලෙස සාමාන්‍ය ව්‍යවහාරය තුල හදුන්වනු ලබන මෙම මත්ද්‍රව්‍ය විශේෂයය සිරුර මත දීර්ග කාලින බලපෑම් ඇතිකළ හැකි උත්තේජනයක් ලෙස හැදින්වීමට පුළුවන . මෑතකදී ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් මෙම මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් අත්තදන්ගුවට  වාර්තා වීම තුල ලංකාව මෙම උවදුරේ අවදානම් සහිත අවදියක් පවතින බවට කදිම නිදර්ශන සපයයි . 

මත්ද්‍රව්‍ය   සමාජ අර්බුධයක් වන්නේ කෙසේද ? 

 ශාරීරික මානසික සහ සමාජීය වශයෙන් මත්ද්‍රව්‍ය පුද්ගලයා විෂයෙහි විනාශකාරී අයුරින් බලපෑම් කරනු ලබන බව කවුරුත් දන්නා කරුණකි .වර්තමානයේ ලාංකික සමාජය මත්ද්‍රව්‍ය හේතුවෙන් අර්බුද ගණනාවකට මුහුණ පා ඇත . ඒ  අතුරින් බරපතලම සමාජ අර්භුදය වී   තරුණ පරම්පරාව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමේ ප්‍රතිශතය දිනෙන් දින ඉහල යාමයි .නමුදු මිට දශක දෙකකට, තුනකට පෙර ලාංකික සමාජය තුල මත්පැන් , මත්ද්‍රව්‍ය , දුම්වැටි වලට  ආබ්බගි වුවන් සිටියද එය තරුණ පරම්පරාව ගිල ගැනීමේ  අර්බුදයක් දක්වා වර්ධනය වී නොතිබූ නිසාම එය සමාජ ප්‍රශ්නයක් ලෙස එදා සමාජය විසින් පිලිගනු නොලැබිය . වුර්ත ආර්ථික රටාව මෙරටට මත්ද්‍රව්‍ය ගලාඒමට බලපාන ප්‍රධාන සාධකයක් වූ බව අප දනිමු .මෙසේ ආනායන , අපනයන  තහංචි ලිහිල් වීමත් සමග ජාත්යන්තර ගනුදෙනු වල දීමත් හේතුවෙන් විදේශිකයන් ගේ ආගමනය විශාල වශයෙන්  සිදුවීම මත්ද්‍රව්‍ය රටතුලට ගලාඒමට සෘජු  හා වක්‍ර අන්දමින් බලපාන ලදී .මත්ද්‍රව්‍ය හේතුවෙන් මතුවන සමාජ අර්බුද අතර සියදිවි හානි  කර ගැනීම ප්‍රබල සංසිද්දියක් ලෙස දැක්විය හැක . විශේෂයෙන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇතිවන මානසික විකුතිකාරී තත්වයන් පුධලයින් සියදිවි නසා ගැනීමට පොලබවලිය හැක . මත්ද්‍රව්‍ය භාවිතයෙන් ආතිවන අර්බුදකාරී තත්වයන් ද විශේෂයෙන්  යුතුය .මත්ද්‍රව්‍ය වලට ආබ්භී වීම හේතුවෙන් මරණයට පත්වන හෝ  විවිධ විකුර්ති තත්වයන්ට ගොදුරු වන පුද්ගලයින් ගේ පවුල්වල 
උත්ගතවන ගැටළුකාරී තත්වයන් අතිමහත් ය . මේ හේතුවෙන් මුලික පවුල් සංස්ථාව වම  බිදවැටිය හැක . ඒ බැවින් එක පුද්ගලයෙකුට පමණක් නොව සමස්ත සමාජයටම හානිදායක ලෙස බලපෑම් කරන බව   පැහැදිලිය .  

මත්  උවදුර පිටු දකිමු .

                                        මෙහිදී  මුලික පියවරක් ලෙස මත්පැන් හා දුම්පානය කිරීමෙන් ඇතිවිය හැකි හානිකර ප්‍රතිපල විපාකයන් පිලිබදව සමාජය තුල ප්‍රකට කිරීම වැදගත් ය . 
එමෙන්ම තරුණ ප්‍රජාව මෙම උවදුරෙන් මුදා ගැනීමට එහි අවදානම් සහගත බව පිලිබදවපුද්ගලයින් හට දැනුවත් භාවයක් ලබාදීමද වත්මන් කාලයේ අවශ්‍යතාවයකි . තාක්ෂණයත් සමහ දිනෙන් දින දියුණුවට පත්වන අන්තර්ජාලය , සමාජ ජාල ආදී ක්ෂේත්‍ර පදනම් කරගෙන මත්ද්‍රව්‍ය පිළිබද යහපත් ප්‍රතිරූපයක් පද්ගලයට මැවීමට උත්සහ ගැනීමක් දක්නට ලැබේ . මෙවෙනි තත්වයක් තුල රටේ අනාගතය  වෙනුවෙන් මත උවදුර පිටිදකිම සදහා නිසි සැලැස්මක් පිළිබද රාජ්‍ය අංශය අවධානය යොමු කල යුතු අතර , ජනතාවද ඊ වෙනුවෙන් රජයට සහයෝගය ලබාදී මතින් තොර හෙටක් ගොඩනැගීමේ  ජාතික වගකීම ඉටුකළ යුතුය. 

අකිලා නිර්මානි ද සිල්වා