Sunday, June 17, 2018

මත්ද්‍රව්‍ය හා තාරුණ්‍යයේ හෙට දවස

   


                                                     සමාජය තුලින්ම බිහිවී , සමාජය තුලම වර්ධනය වී සමාජයේ පැවැත්ම විනාශකාරී මාවතක් වෙත යොමු කරවන දරුණු සමාජ අර්බුදයක් ලෙස මෙම මත උවදුර   හැදින්විය හැක . මත්ද්‍රව්‍ය භාවිතය මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය හා  ජනතාවගේ ඇදහිලි තරම්ම පැරණිය .බුදුන් වහන්සේ සිගාලෝවාද සුත්‍රයේ රහමෙර  ආදීනව ආර්ථික සමාජීය වශයෙන් පරිහානියට පත්වන ආකාරය පිලිබදව දේශනා කර  ඇත .බොද්ධයන්  විසින්   පිලිපදිනු ලබන ශික්ෂා පදයට අනුව සුරාමේරය මජ්ජපම දට්ඨානා  මිනිසා මත බවට පත් කරන ආහාර පන වලින් වලකින ලෙසටත් දක්වා ඇත .
              
 මොනවද මේ මත්ද්‍රව්‍ය  ...

                           1948 අංක 13 දරන විෂ වර්ග , අබිං යන අන්තරාදායක ඔෂධ ආග්‍යා පනත මගින් රසායනික ද්‍රව්‍ය නීතිමය වශයෙන් තහනම් ද්‍රව්‍ය ලෙස විග්‍රහ කොට 
ඇත . නීතියෙන් තහනම් කොට ඇති රසායනික ද්‍රව්‍ය හෝ වේදය මග පෙන්වීමකින් තොරව මිලයට ගන්නා රසායනික ද්‍රව්‍ය නීති 
විරෝධී වේ . මී අනුව බලන කල අබින් ,ගංජා , කොකේන් හා හෙරොයින් මෙන්ම වේදයමය වශයෙන් යොදා  නොගගන්නා අවස්ථාවලදී amphetamine , barbiturate , codeine  මත්ද්‍රව්‍ය ලෙස හදුන්වයි  ශ්‍රී ලංකාවේ මුල්කාලීනව මත්ද්‍රව්‍ය උවදුරේ ප්‍රධාන මත්ද්‍රව්‍ය වශයෙන් ගංජා , අබින් සැලකිය යුතු වුවද 70 දශකයේ අවසානයේදී ඉතා ප්‍රබල හා භයානක මත්ද්‍රව්‍ය වන හෙරොයින් භාවිතය ආරම්භ විය . වර්තමානය වන විට ඉතා ප්‍රබල ක්‍රියාකාරීත්වයෙන් යුතු  ice  නමැති විෂ මත්ද්‍රව්‍ය  විශේෂය රට තුල සංසරණය වන බවට පසුගිය  කාලවල්ලදී සුලභව වාර්තා විය . 


 ලංකාවට අලුතින් ආ මාරයා ... ice 

 ආමරිකානු මත්ද්‍රව්‍ය නිවාරණ ආකකයට අනුව  methamphetamine  හෙවත් අයිස් යනුවෙන් හැදින්වෙන්නේ ඉතා භයානක මත්ද්‍රව්‍ය විශේෂයකි .අයිස්  ලෙස සාමාන්‍ය ව්‍යවහාරය තුල හදුන්වනු ලබන මෙම මත්ද්‍රව්‍ය විශේෂයය සිරුර මත දීර්ග කාලින බලපෑම් ඇතිකළ හැකි උත්තේජනයක් ලෙස හැදින්වීමට පුළුවන . මෑතකදී ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් මෙම මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් අත්තදන්ගුවට  වාර්තා වීම තුල ලංකාව මෙම උවදුරේ අවදානම් සහිත අවදියක් පවතින බවට කදිම නිදර්ශන සපයයි . 

මත්ද්‍රව්‍ය   සමාජ අර්බුධයක් වන්නේ කෙසේද ? 

 ශාරීරික මානසික සහ සමාජීය වශයෙන් මත්ද්‍රව්‍ය පුද්ගලයා විෂයෙහි විනාශකාරී අයුරින් බලපෑම් කරනු ලබන බව කවුරුත් දන්නා කරුණකි .වර්තමානයේ ලාංකික සමාජය මත්ද්‍රව්‍ය හේතුවෙන් අර්බුද ගණනාවකට මුහුණ පා ඇත . ඒ  අතුරින් බරපතලම සමාජ අර්භුදය වී   තරුණ පරම්පරාව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමේ ප්‍රතිශතය දිනෙන් දින ඉහල යාමයි .නමුදු මිට දශක දෙකකට, තුනකට පෙර ලාංකික සමාජය තුල මත්පැන් , මත්ද්‍රව්‍ය , දුම්වැටි වලට  ආබ්බගි වුවන් සිටියද එය තරුණ පරම්පරාව ගිල ගැනීමේ  අර්බුදයක් දක්වා වර්ධනය වී නොතිබූ නිසාම එය සමාජ ප්‍රශ්නයක් ලෙස එදා සමාජය විසින් පිලිගනු නොලැබිය . වුර්ත ආර්ථික රටාව මෙරටට මත්ද්‍රව්‍ය ගලාඒමට බලපාන ප්‍රධාන සාධකයක් වූ බව අප දනිමු .මෙසේ ආනායන , අපනයන  තහංචි ලිහිල් වීමත් සමග ජාත්යන්තර ගනුදෙනු වල දීමත් හේතුවෙන් විදේශිකයන් ගේ ආගමනය විශාල වශයෙන්  සිදුවීම මත්ද්‍රව්‍ය රටතුලට ගලාඒමට සෘජු  හා වක්‍ර අන්දමින් බලපාන ලදී .මත්ද්‍රව්‍ය හේතුවෙන් මතුවන සමාජ අර්බුද අතර සියදිවි හානි  කර ගැනීම ප්‍රබල සංසිද්දියක් ලෙස දැක්විය හැක . විශේෂයෙන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇතිවන මානසික විකුතිකාරී තත්වයන් පුධලයින් සියදිවි නසා ගැනීමට පොලබවලිය හැක . මත්ද්‍රව්‍ය භාවිතයෙන් ආතිවන අර්බුදකාරී තත්වයන් ද විශේෂයෙන්  යුතුය .මත්ද්‍රව්‍ය වලට ආබ්භී වීම හේතුවෙන් මරණයට පත්වන හෝ  විවිධ විකුර්ති තත්වයන්ට ගොදුරු වන පුද්ගලයින් ගේ පවුල්වල 
උත්ගතවන ගැටළුකාරී තත්වයන් අතිමහත් ය . මේ හේතුවෙන් මුලික පවුල් සංස්ථාව වම  බිදවැටිය හැක . ඒ බැවින් එක පුද්ගලයෙකුට පමණක් නොව සමස්ත සමාජයටම හානිදායක ලෙස බලපෑම් කරන බව   පැහැදිලිය .  

මත්  උවදුර පිටු දකිමු .

                                        මෙහිදී  මුලික පියවරක් ලෙස මත්පැන් හා දුම්පානය කිරීමෙන් ඇතිවිය හැකි හානිකර ප්‍රතිපල විපාකයන් පිලිබදව සමාජය තුල ප්‍රකට කිරීම වැදගත් ය . 
එමෙන්ම තරුණ ප්‍රජාව මෙම උවදුරෙන් මුදා ගැනීමට එහි අවදානම් සහගත බව පිලිබදවපුද්ගලයින් හට දැනුවත් භාවයක් ලබාදීමද වත්මන් කාලයේ අවශ්‍යතාවයකි . තාක්ෂණයත් සමහ දිනෙන් දින දියුණුවට පත්වන අන්තර්ජාලය , සමාජ ජාල ආදී ක්ෂේත්‍ර පදනම් කරගෙන මත්ද්‍රව්‍ය පිළිබද යහපත් ප්‍රතිරූපයක් පද්ගලයට මැවීමට උත්සහ ගැනීමක් දක්නට ලැබේ . මෙවෙනි තත්වයක් තුල රටේ අනාගතය  වෙනුවෙන් මත උවදුර පිටිදකිම සදහා නිසි සැලැස්මක් පිළිබද රාජ්‍ය අංශය අවධානය යොමු කල යුතු අතර , ජනතාවද ඊ වෙනුවෙන් රජයට සහයෝගය ලබාදී මතින් තොර හෙටක් ගොඩනැගීමේ  ජාතික වගකීම ඉටුකළ යුතුය. 

අකිලා නිර්මානි ද සිල්වා 

Tuesday, June 12, 2018

අයිතිය ලැබෙන තොරතුරු පනත

                                                         

                                                   තොරතුරු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ඔක්සිජන් බඳු ය. තොරතුරු දැනගැනීම පුරවැසියකු විෂයෙහි පවතින මූලික අයිතිවාසිකමකි. මුල්කාලීන රාජාණ්ඩු පාලනයක් තුළ රජය සතු තොරතුරු ඉතා රහසිගතව පවත්වාගෙන ගියද, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සංකල්පය පැමිණීමත් සමඟ මුල් කාලීනව පැවැති මතවාද සියල්ල උඩු යටිකුරු කරමින් ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය ආයතන පිළිබඳව තොරතුරු දැනගැනීමට ජනතාවට අයිතියක් පවතින බවට මතවාදයක් ඉදිරියට පැමිනුණි. ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ස්ථාපිත වී වසර ගණනාවක් ගත වුව ද ප්‍රජාතන්ත්‍රවා‍දයේ ඔක්සිජන් බදු වූ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට නිසි වටිනාකමක් ලැබෙන්නේ 2015 මැතිවරණයෙන් බලයට පත් වූ යහපාලන රජයත් සමඟිනි. ඒ තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුව 2016 අගෝස්තු මස සම්මත වීමෙන් අනතුරුව ය.
                                                     රටේ අනෙකුත් නීති පිළිපැදීමට ජනතාව වගකිව යුතු වුව ද මෙම පනත මඟින් රාජ්‍ය අංශය හා නිලධාරීන් ජනතාවට වගකීමට බැඳී සිටීම පනතේ පවතින විශේෂත්වයක් ලෙසට ද ඉදිරිපත් කළ හැක. නමුත් ශෝකයට කරුණ නම් මෙතරම් වැදගත්කමකින් හෙබි තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව හෝ එහි වැදගත්කම පිළිබඳව හෝ මහජනතාවට පවතින දැනුම්වත් භාවය අල්ප වීම ය.
                          එබැවින් තොරතුරු පනත විශේෂවන්නේ නැතහොත් වැදගත් වන්නේ කුමන කාරණා ප්‍රමුඛ කරගෙන ද යන්න පිළිබඳව අවබෝධයක් ලබා සිටීම වැදගත්වේ.තොරතුරු දැනගැනීමේ අයිතිය ලෙස සලකනු ලබන්නේ එදිනෙදා දකින, අසන, කාලීන ප්‍රවෘත්ති, ආරංචි නොව, මෙහිදී තොරතුරු ලෙස සලකනු ලබන්නේ ජනතාවගේ මහජන මුදලින් නඩත්තු වන පවත්වාගෙන යනු ලබන රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳ තොරතුරු දැනගැනීමට පවතින අයිතිය පිළිබඳව ය.සාමාන්‍ය ජනතාවට මෙම තොරතුරු දැනගැනීමේ අයිතිය වැදගත් වන්නේ කුමකටද යන්න විශේෂයෙන් මතු කළ යුතු කරුණකි. තොරතුරු දැනගැනීමේ අයිතිය සඳහා මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය , සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනය වැනි අන්තර්ජාතික ප්‍රඥප්ති තුළින් විශේෂ ඉඩකඩක් වෙන්කර තිබෙන්නේ ද තොරතුරු අයිතියට පවතින්නා වූ වැදගත්කම නිසාවෙන් ම බව පැහැදිලි ය. ප්‍රජාතන්ත්‍රවාදයේ හා යහපාලනයේ පැවැත්ම උදෙසා තොරතුරු දැනගැනීමේ අයිතිය අතිශය වැදගත් ය. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මහජන නියෝජිතයන් තෝරා ගැනීමේ පරමාධිපත්‍ය බලය හිමිවන්නේ ජනතාවට ය.

මෙහිදී රටට වැඩදායක, යහපත් ජනතා නියෝජිතයන් පිරිසක් තෝරා ගැනීමට නම් ජනතාවට නිවැරැදි තොරතුරු දැනගැනීම වැදගත් ය. තොරතුරු දැනගැනිමේ පනතේ අන්තර්ගතය දෙසට ද අවධානය යොමු කළ යුතු ය.
පනතේ 05 වන වගන්තිය තුළ ජනතාවට තොරතුරු දැනගැනීමට හැකියාව පවතින ආයතනයක් පිළිබඳව දක්වා ඇත.ඒ අනුව අමාත්‍යාංශ, පළාත් පාලන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන ව්‍යවස්ථාපිත ආයතන පිළිබඳ තොරතුරු දැනගැනීමට ජනතාවට අවස්ථාව සලසා දී ඇත. ඉහත නම් සඳහන් කරන ලද ආයතනයක් පිළිබඳව එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් පවතින්නේ ද ඒ සඳහා තොරතුරු ලබාගැනීමට ක්‍රියා පිළිවෙළක් පනත තුළ දක්වා ඇත. එහි දක්වා ඇති පරිදි සෑම ඉහත දක්වන ලද ආයතනයකටම තොරතුරු ලබාගැනීමට තොරතුරු නිලධාරියෙකු සිටී. ඔහුගෙන් පළමුව තොරතුරු ලබාගත හැක.
තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළවිට හෝ ලබාදුන් තොරතුරු පිළිබඳව අතෘප්තිමත් වන පුරවැසියෙකුට ඒ පිළිබඳව ආයතනයේ සිටින අභියාචනා නිලධාරියාට පැමිණිලි කළ හැක. එතුළින් ද සාධාරණයක් ඉටු නොවුණහොත් ‘තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට’ අභියාචනාවක් ඉදිරිපත් කළ හැක. එතුළින් ද සාධාරණයක් ඉටු නොවන පුරවැසියකුට අභියාචනාධිකරණයේ අභියාචනාවක් ගොනුකර තම තොරතුරු දැනගැනී‍ෙම් අයිතිය වෙනුවෙන් යුක්තිය ඉටුකර ගත හැක.මේ පනත මඟින් රාජ්‍ය නිලධාරියා හා ජනතාවට වගකිව යුතු පුද්ගලයෙකු බවට පත්කර ඇති අතර එලෙස ස්වකීය වගකීම පැහැර හරින අවස්ථාවන්හි දණ්ඩනයට යටත් කළ හැකි බලයක් ද පනත හරහා ලබාදී ඇත. එහිදී යම්කිසි නිලධාරියෙකු තොරතුරු සැපයීම අවහිර කළහොත්, තොරතුරු චේතනාන්විතව වසන් කළ‍ෙහාත් වැරදි තොරතුරු සැපයුවහොත් කොමිසමේ කැඳවීම්වලට අවනත නොවුණහොත් එවැනි අවස්ථාවලදී තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව විසින් මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පැවරීමට හැකියාවක් ලැබෙන අතර එහිදී වැරදිකරු වූ පුද්ගලයෙකුට රු. 50,000/= නොවැඩි දඩයකට හා වසර 02 ක් නොඉක්මවන සිරගත කිරීමකට හෝ දෙයාකාරයේ දඬුවමට යටත් කිරීමේ හැකියාව පවතී.
   මේ අයුරින් පුරවැසියාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමට ගෙන එන ලද මෙම තොරතුරු දැනගැනීමේ පනත දූෂණයට, අල්ලසට එරෙහි ප්‍රබල භාවිතයක් ලෙස යොදාගැනීමේ පරම අයිතිය හිමිවන්නේ පුරවැසියන්ට ය.එබැවින් වචනයට පමණක් සීමා නොවූ යහපාලන රාජ්‍යයක් නිර්මාණය කිරීමට පුරවැසියාට ද පනත හරහා අවස්ථාව හිමිකර දී ඇති අතර එය නිසි ලෙස භාවිතා කිරීමට පුරවැසියන් උත්සුක විය යුතු ය.

Friday, June 1, 2018

ලංකාවේ නිර්මාණය වන පළමු 3D චිත්‍රපටය ගජමෑන් .







                                              බොහෝ දෙනාගේ ආදරය දිනාගත් කැමිලස් පෙරේරා  මහතාගේ  ගජමෑන් චිත්‍ර කතාව 3D  චිත්‍රපට නිර්මාණයක් ලෙසින් මුළු මහත් ප්‍රේක්ෂකයන් උදෙසා සමීප කිරීමට මෙ දිනවලදී නිර්මාණ කටියුතු  සිදුකරනු ලබයි . ගජමෑන් චිත්‍ර කතාව තුල ඈතුලත් චරිත කිහිපයක් මුල් කර ගනිමින් මෝෂන් කැප්චර්  තාක්ෂනයෙන් නිර්මාණය වන ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍රපටය   ලෙස මෙය ඉතිහාසයට එක්  වෙයි . 3D සජිවිකරණ අත්දැකීම ප්‍රේක්ෂකයන්ට සමීප කල ලොව බොහෝ දෙනාගේ ආදරය දිනාගත් avetor වැනි සිනමා නිර්මාණ සදහා  මෙම මෝෂන් කප්චර් තාක්ෂනය භාවිත කරතිබූ අතර  ගජමෑන් චිත්‍ර පටය තුලද මෙවැනි දියුණු තාක්ෂණික ක්‍රමවේද භාවිත කිරීමබොහෝදෙනාගේ අවධානයට පත්වන කරුණකි .
                                        මෙම චිත්‍රපටයේ හඩමුසුවෙන් දායක වන ප්‍රධානතම ශිල්පින් ලෙස සුනිල් පෙරේරා , සුනෙත් ච්ත්‍රානන්ද හා ගාමින්ද ප්‍රියවිරාජ්  යන ශිල්පින් කටියුතු කරනු ලබයි .මෙම ච්ත්‍රපටය අධ්‍යක්ෂණය  කරනු ලබන්නේ චානක පෙරේරා මහතා විසිනි . ඔහු මෙම  ච්ත්‍රපට  ක්ෂේත්‍රය ට නවක චරිතයක් වන අතර ඔහු 3D  සජිවිකරණය  පිලිබදව විදෙස් උපධිධාරියෙකි.
                                          ශ්‍රී ලංකාවේ සිනමාවේ නව හැරවුම් ලක්ෂයක්  සනිටුහන් කරමින් මිලියන 75 ක වියදමින් නිර්මාණය වන  ගජමෑන් 3D  සිනමා නිර්මාණයේ පුර්ව  ප්‍රචාරක පටය මේවන විට  අන්තර්ජාලය වෙත මුදාහැර තිබෙන අතර නොබෝදිනකින් ලාංකික ප්‍රේක්ෂකයන් වෙත සමීප කරමින් දිවයින පුරා සිනමාහල් වල තිරගත වීමට නියමිතය . 






                             ගජමෑන් 3D  සිනමා නිර්මාණයේ පුර්ව  ප්‍රචාරක පටය පහතින් ...