Saturday, July 14, 2018

ඔබේ දිනපොත ලියන ෆේස්බුක්


ෆෙස්බුක් සමාජ වෙබ් අඩවිය නිර්මාණය වනේන් සන්නිවේදන තාක්ෂණයේ ඉහල මට්ටමේ ජයග‍්‍රහණයක් ලෙසිනි .   අන්තර්ජාල සංස්කෘතිය තුළ නව්‍ය උප සංස්කෘතයික් ලෙස වර්ධනය වන ෆෙස්බුක් වෙබ් අඩවිය මානව ජීවිතවල හැඩය තීරණය කරමින් පුද්ගල මනෝභාවයන් කෙරෙහි තීරණාත්මක බලපෑමක් කළ හැකි සාධකයක් බවට පත්වේ. එය එක්තරා අතකින් සමාජයීය සංසිද්ධි ගණනාවක මැදිහත්කරුවා වන අතර තවත් අතකින් ඒවායේ අවිඥානික පාලකයා ලෙස ද පෙනී සිටියි.  ෆෙස්බුක් වෙබ් අඩවිය සමාජගත වන්නේ මිතුරන් අතර සබඳතා ගොඩනඟා ගත හැකි වෙබ් අඩවියක් ලෙසය. එනම් පරිගණක ඇතුළු විද්‍යුත් උපාංග භාවිත කරමින් දුරස්ථව සිටින පුද්ගලයින්    දෙදෙනෙකු හෝ වැඩි පිරිසක් අතර අන්තර්ජාලය ඔස්සේ තොරතුරු හුවමාරු කරගත හැකි මාධ්‍යයක් ලෙස ෆෙස්බුක් වෙබ් අඩවියේ මූලික        ආකෘතිය නිර්මාණය කර තිබේ.
                 එහි දී පණිවිඩ හුවමාරු කර ගැනීමේ සිට ඡයාරූප හුවමාරු කරගැනීම හා සංවාද පැවැත්වීම ඇතුළු පහසුකම් ගණනාවක් ෆෙස්බුක් වෙබ් අඩවියෙන් සැපයේ. අන්තර්ජාලය තුළ ෆෙස්බුක් වෙබ් අඩවිය කිසිසේත් තවත් එක් වෙබ් අඩවියක් බවට පමණක් පත් නොවන්නේ මානව සමාජයේ මෙම නිදහස් චින්තනයට එයින් ලබාදුන් තාක්ෂණික දායකත්වය නිසාය. එනම් අන්තර්පුද්ගල සම්බන්ධතාවනේ ග් සිට රාජ්‍යයක් පාලනය කිරීම හා හැසිරවීම තෙක්ම ෆෙස්බුක්හි දායකත්වය වර්තමානය තුළ  හදුනා ගත හැක 
                                               ඒ අනුව විවිධ දේශපාලන ව්‍යාපාර සඳහා මෙන්ම සමාජ ව්‍යාපාර සඳහා ද ෆෙස්බුක් පහසුකම් සපයයි. එහි දී තම පුද්ගලික දේශපාලන ප‍්‍රතිරූපය වර්ධනය කර ගැනීම සඳහා මෙන්ම යම්කිසි දේශපාලනික අරමණුක් සහිතව ක්‍‍්‍රියාත්මක වන කණ්ඩායමක සිට රටක රාජ්‍ය බලය මෙහෙයවන ආණ්ඩුවක මතවාදය සමාජය තුළ ප‍්‍රවර්ධනය කිරීම තෙක ්ෆෙස්බුක් ඉතා සංවිධානාත්මකව මෙහෙයවීම දැකිය හැකිවේ.   ඒ ඔස්සේ පුද්ගලික ප‍්‍රවර්ධන පිටු හා පුද්ගලික ගිණුම්  තුළ ඡුායාරූප, වීඩියෝ දර්ශන හා අදහස් පළකිරීම ඔස්සේ සිදුකරන මතවාද හැඩගැස්වීම එක්තරා ජනප‍්‍රිය විලාසිතාවක් ලෙස ද ඉස්මතු වෙමින් තිබේ.    
                                      නව ෆෙස්බුක් සංස්කෘතිය කලා නිර්මාණ සමාජගත කිරීම සඳහා ද අසීමිත අවස්ථා සලසා දී තිබේ. එනම් ෆෙස්බුක් බිහිවීමට පෙර කලා නිර්මාණයක් ජනතාව අතරට ගෙනයෑම සඳහා පැවති බාධක සියල්ලක්ම පාහේ මෙම අන්තර්ජාල අවකාශය තුළ ඉවත් වී තිබේ.  මේ අනුව බලන කල ආර්ථික, දේශපාලනික ,සමාජීය , ආදී වශයෙන් විවිධ ක්ෂේත්‍රයන් තුල පුද්ගලයාට කිසිදු බාහිර බලපෑමකින් තොරව  ඉස්මතු විමේ හැකියාව ෆේස්බුක් මගින් විවර කර දී තිබේ  .  ඉහත දැක්වන ලද පරිදි  පුද්ගල හැකියාවන්  සදහා ෆෙස්බුකිය වේදිකාවක් කර ගත හැක . එසේ වරම් ලත්  පිරිසද  අපමණය . මේසා  විශාල වපසරියක පැතිර පවතින  මෙම මාධ්‍ය තුලින් වර්තමානයේ නිසි පල නෙලා ගන්නේ අතලොස්සකි  .  නිර්මාණාත්මක කලා කෘතියක්  ෆේස්බුක් හරහා මුදා හැර තම ප්‍රතිරූපයට නව අරුතක් ගොඩනගාගැනීමට උත්සුක වනවාට   වඩා   තරු පහේ හෝටලයක ආහාර වේලක් බුක්ති විදීමේ ජායාරුපයක් බුකිය තුල දමා  එයට වැටෙන ලයික් ප්‍රමාණය මත  තමන්ගේ ප්‍රතිරුපය මනාව ගොඩනංවනු ලබන බව බොහෝදෙනගේ සිත්හි රැදී කාරණාවකි .එහෙත්  තමන් තුළ මවා පෙන්වන තරමේ ජනප‍්‍රියත්වයක් සැබෑ සමාජය තුළ අදාළ පුද්ගලයාට හිමි වී තිබේ ද යන්න සැබවින්ම ප‍්‍රශ්න සහගතය.  පුද්ගල දින පොතක් සහ ෆෙස්බුකිය අතර වර්තමානය වනවිට එතරම් වෙනසක් දක්නට  නොලැබෙන්නේද මෙවැනි තත්වයක් නිසාවෙන්ම වන  බවනම් පැහැදිලිය .
                                             
                                         පුද්ගල  ප්‍රතිරූපය ගොඩනංවාලීමට යැයි ගොස් ෆේස්බුක් තුලින්ම තම ප්‍රතිරූපය විනාශයට ලං කරගනු ලබන චරිතයන්ද නැතුවාම නොවේ.  විශේෂයෙන් දුක ,සතුට, වේදනාව, ආදිවූ මේ සියලු පුද්ගල මනෝභාවයන් එකට කැටි කොට ගනිමින් ගෙවෙන මේ මනුෂ්‍ය ජිවිතයේ ජිවන කතාන්රදය ලියන  දිනපොත බවට අදවන විට ෆේස්බුක් පත්ව අවසානය .මේ කුමන කාරනාවක් තුලින් වුවද අප තරයේ සිත්හි තබා ගතයුතු සත්‍යයක්  ඇත . පොද්ගලිකත්වය  නම් පොද්ගලිකත්වයයි එය ඔබ තුලම පමණක් තබාගත යුතුය . සිතට දැනෙන සියල්ල බුකිය තුල දැමීමෙන් ඔබ ඔබේම විනාශය ඔබ වෙතට කැදවාගෙන එනු ඈත එය සිදුවන්නේද ඔබටවත් නොදැනීම වීම නම්  ශෝකයට කරුණකි   
                                                    
                              

10 comments:

තාරුණ්‍යයේ රිද්මය පිලිබදව මා පලකල මේ ලිපියට ඔබේ අදහසත් එකතු කරන්න.